Print this Article


කොත් පැළඳවීමේ පින්කම

 කොත් පැළඳවීමේ පින්කම

හෝමාගම, බෙරුකැටිය, සිරිපඤ්ඤාරාම විහාරාධිපති විශ්‍රාමලත් පරිවෙනාචාර්ය මාලිම්බඩ පඤ්ඤාසිරි හිමියන්ගේ නිර්මාණයකට අනුව ඉදිකරන ලද බුබ්බුලාකාර චෛත්‍යයේ කොත් වහන්සේ පැළඳවීමේ සහ ප්‍රාකාරය සහිත වාහල්කඩ තොරණ විවෘත කිරීම මේ මස 21 වනදා පෙරවරුවේදී සිදුකරන අතර කොත්වහන්සේ නිරාවරණය එදින පෙරවරුවේදී සිදුවේ. ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක ධුරන්ධර ධර්මකිර්ති ශ්‍රී සංඝරක්ඛිත නියංගොඩ විජිතසිරි අනුනාහිමි, දිවියාගහ යසස්සි නාහිමි, අත්තුඩාවේ පියරතන නාහිමි, මහාචාර්ය බෙල්ල්විල විමලරතන අනු නාහිමි, උතුරු නැගෙනහිර ප්‍රධාන සංඝනායක සියඹලාගස්වැවේ විමලසාර යන නාහිමිවරුන් ඇතුළු ආරාධිත ගිහි පැවිදි විශාල සැදැහැවතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකෙරේ.

ඒ නිමිත්තෙන් 20 දින සවස ආශිර්වාද බෝධි පූජාවක්ද සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක්ද, 21 වැනිදා දවල් පනස්නමකට අධික සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක්ද පැවැත්වීමට බෙරුකැටියේ පඤ්ඤාජීව හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව කටයුතු සංවිධානය කර ඇත.