UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

ප්‍රශ්නය
බුදු දහමට අනුව උතුම් සරණ යෑම යනුවෙන් සඳහන් වන්නේ කුමන පිළිවෙතක්ද?

පිළිතුර
යො ච බුද්ධං ච ධම්මං ච
සංඝ ංච සරණං ගතො
චත්තාරි අරිය සච්චානි
සම්මප්පඤ්ඤාය පස්සති

දුක්ඛං දුක්ඛ සමුප්පාදං
දුක්ඛස්ස ච අතික්කමං
අරියට්ඨංගිකං මග්ගං
දුක්ඛූප සමගාමිනං

එතං ඛො සරණං ඛෙමං
එතං සරණ මුත්තමං
එතං සරණ මාගම්ම
සබ්බ දුක්ඛා පමුච්චති

බුදුරදුන්, දහම්, සඟුන් සරණ ගිය අය චතුරාර්ය සත්‍ය මනා නුවණින් දකිති. එසේ දැක සියලු දුකින් මිදෙති. එනිසා බුදුන්, දහම් ,සඟුන් යන තෙරුවන සරණ යෑම භය රහිත වූ සරණයාමකි. උතුම් සරණයාමකි.

ශාස්තෘවරුන් අතුරින් බුදුරජාණන් වහන්සේම ශ්‍රේෂ්ඨයැයි පිළිගෙන ධර්මයන් අතුරෙන් බුද්ධ ධර්මයම ශ්‍රේෂ්ඨයැයි පිළිගෙන සංඝයා අතුරින් ආර්ය සංඝයාම ශ්‍රේෂ්ඨ යැයි පිළිගෙන, සංඝයා අතුරින් ආර්ය සංඝයාම ශ්‍රේෂ්ඨ යැයි පිළිගෙන යමෙක් තෙරුවන් සරණ ගියේ නම් යහපත් බෞද්ධ ශ්‍රාවකයෙකි. ශ්‍රද්ධාව ඇත්තෙකි. පන්සිල්හි පිහිටා සිටින්නෙකි. තෙරුවනට වඩා ඉහළින් සුබ අසුබ නිමිති ආදිය කෙරෙහි විශ්වාසය නො තබන්නෙකි. කම්පල අදහන්නෙකි.

ප්‍රශ්නය
අං නිකාය දසක නිපාතයේ එනවඩ්ඩී සූත්‍රයට අනුව බෞද්ධ ශ්‍රාවකයෙකුගේ “උභයාර්ථ” භෞතික හා ආධ්‍යාත්මික දියුණුව පිළිබඳව බුද්ධ දේශනාවකි. ආර්ය ශ්‍රාවක යන විශේෂණ නාමයකින් උභයාර්ථ අභිවෘද්ධිය හි ස්වරූපය පැහැදිලි කරයි. ඒ අනුව දස ආකාරයකින් දියුණූව ලබන ආර්ය ශ්‍රාවකයා ආර්ය වු දියුණුවෙන් දියුණුවට පත් වූවෙකි. මෙලොව උපත ලැබීමේ අරමුණද එහි ප්‍රතිඵලද දස ආකාරයකින් පැහැදිලි කරයි. “දසහි භික්ඛවෙ වඩ්ඪිහී වඩ්ඩමානො අරිය සාවකො අරියාය වඩ්ඩියා වඩ්ඩති. සාරා දයාච හොති වරාදායි කායස්ස”මෙම සූත්‍රාගත කරුණූු දහය මොනවාද

පිළිතුර
1.ධන ධාන්‍යයෙන් (ධනධඤ්ඤෙන)
2.කෙත් වතුවලින් (ඛෙත්ත වත්ථූහි)
3. අඹු දරුවන් ගෙන් (මෙත්ත වත්ථූහි)
4.දාස කම්කරු පිරිස (දාස කම්ම කාරෙහි)
5. සිවුපා සතුන්ගෙන් (චතුප්පදෙහි
6.ශ්‍රද්ධාවෙන් (ශ්‍රද්ධා)
7.සීලයෙන් (සීලෙන)
8.අධ්‍යාපනයෙන් (සුතෙන)
9.ත්‍යාග සීලයෙන් (චාගෙන)
10.ප්‍රඥාවෙන් (පඤ්ඤාය)

 

   ඇසළ අව අටවක පෝය

ඇසළ, අව අටවක පෝය අගෝස්තු මස 06 වැනිදා අපරභාග 08.24 ට ලබයි. 07 වැනිදා සිකුරාදා අපරභාග 06.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 07 වැනිදා සිකුරාදා

මීළඟ පෝය
අගෝස්තු 14 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14

First Quarterපුර අටවක

අගෝස්තු 22

Full Moonපසෙලාස්වක

අගෝස්තු 29


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]