Print this Article


දිඹුලාගල නව සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර හිමි

දිඹුලාගල නව සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර හිමි

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩවිසූ අසරණ සරණ සිරිසරණංකර උතුරු නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායකව වැඩවිසූ දිඹුලාගල සිරිකස්සප මහා පරිවේනාධ්‍යක්ෂ මල්දෙණියේ ජිනාලංකාර හිමියන් අපවත්වීමෙන් පුරප්පාඩු වූ දිඹුලාගල නව සේනාසනාධිපති ධූරයට මිල්ලානේ සිරියාලංකාර හිමියන් ඓතිහාසික දිඹුලාගල ශ්‍රී කස්සප මහා සංඝසභාව මඟින් පත්කර ඇත.

උන්වහන්සේ ඓතිහාසික දිඹුලාගල වනසෙනසුන හා මහාකස්සප ගල්ලෙන විජභූමිය කරගෙන ජීවත් වූ යාපා ආදිවාසී නායකතුමාගේ පුත්‍ර රත්නයකි. 1954 වර්ෂයේදී ආදිවාසී නායක යාපා මහතා සිය නිවස කරගෙන ජීවත්වූ කස්සප ලෙන අපවත්වී වදාළ ප්‍රථම දිඹුලාගල සෙනසුන්පති කිතලගම සීලාලංකාර නා හිමියන්ට පුජා කර සිය දරුවාද එතුමන්ට පූජාකර ඇත.