Print this Article


අස්ගිරි අනු නා හිමි පිළිගැනීමේ උත්සවයක් 01දා

අස්ගිරි අනු නා හිමි පිළිගැනීමේ උත්සවයක් 01දා

මහනුවර අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අභිනව අනුනායක පදවියෙන් පිදුම් ලැබූ බදුළු, මුතියංගන රජමහ විහාරාධිපති උඩගුන්නෑපාන බෝධිමල්කඩ පුරාණ විහාරාධිපති ශාස්ත්‍රපති වරකාගොඩ ඤාණරතන නාහිමිපාණන් පිළිගැනීමේ උත්සවයක් හා අනුනායක හිමිපාණන්ට දිඝාසිරි ප්‍රාර්ථනා කිරීමේ ආගමික වැඩසටහනක් අගෝස්තු මස පළමුවෙනිදා උඩගුන්නෑපාන බෝධි මල්කඩ විහාරයේදී පැවැත්වේ. පළමුවෙනිදා සවස ආසිරි ප්‍රාර්ථනා කරන බෝධි පූජාවක් හා සෙත් පිරිත් දේශනාවකි. පසුදින දවල් අස්ගිරි මහා විහාරය ප්‍රධාන මහා සංඝරත්නය විෂයෙහි පිරිනමනු ලබන සපිරිකර සංඝගත දක්ෂිණාවකි.