Print this Article


දිඹුලාගල නා හිමියෝ අපවත් වෙති

දිඹුලාගල නා හිමියෝ අපවත් වෙති

දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩ විසූ උතුරු නැගෙනහිර, තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක මල්දෙණියේ ජිනාලංකාර නාහිමියෝ පසුගිය දා ( 11 ) අපවත් වී වදාළහ.

1937 අප්‍රේල් 30 වන දා කොත්මලේ මල්දෙණිය ග්‍රාමයේ දී උපත ලද උන්වහන්සේ වයස 29 දී දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩ විසූ කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් පැවිදිබිමට පත්විය. 1996 දී කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු උන්වහන්සේ සේනාසනයේ අධිපති වශයෙන් කටයුතු කෙරිණි. දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ මේ වන විට දරුවන් 1500 කට අධික පිරිසක් සසුන්ගත කර තිබේ. එම ශාසනික කටයුතුවලදී පාලන කටයුතු මෙහෙයවනු ලැබුවේ ද ජිනාලංකාර නාහිමියන් විසිනි. දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විහාරාංග නිර්මාණයේ දී සැලසුම් හා නිර්මාණ කටයුතු ද උන්වහන්සේ සකස් කරන ලදී. අපවත්වී වදාළ මල්දෙණියේ ජිනාලංකාර නාහිමියන්ගේ ආදහන පූජෝත්සවය ඉකුත් දා ( 15 ) ආරණ්‍ය සේනාසනයේ දී සිදු කැරිණි.