Print this Article


“අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය 22 සහ 23” බෞද්ධ ග්‍රන්ථ ද්විත්වය 14 වැනිදා දොරට වඩී

“අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය 22 සහ 23” බෞද්ධ ග්‍රන්ථ ද්විත්වය 14 වැනිදා දොරට වඩී

‘ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ’ ග්‍රන්ථය ඇතුළු බෞද්ධ ග්‍රන්ථ රැසක් සම්පාදනය කළ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත ‘අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය – 22 සහ 23’ ග්‍රන්ථ ද්විත්වය මේ මස 14 වැනිදා අඟහරුවාදා උදේ 10.00 ට කොළඹ මරදානේ, පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ, දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේ දී දොරට වඩී. ‘විස්තරාර්ථ ධම්ම පදය – 22’ ග්‍රන්ථයෙන් නිරය වර්ගයට අදාළ ගාථා දාහතරක් පිළිබඳවත්, ‘විස්තරාර්ථ ධම්ම පදය – 23’ ග්‍රන්ථයෙන් නාග වර්ගයට අයත් ගාථා දාහතරක් පිළිබඳවත් විස්තර කෙරේ.