Print this Article


ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලයේ සිසු දරුවන් ඉදිරිපත් කරන ඇසළ මහ තොරණ රජ්ජුරුබණ්ඩාර දෙව් විමනේදී

 ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලයේ සිසු දරුවන් ඉදිරිපත් කරන ඇසළ මහ තොරණ රජ්ජුරුබණ්ඩාර දෙව් විමනේදී

කොළඹ හුණුපිටිය ශ්‍රී ගංගාරාමස්ථ ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලයීය සිසු දරුවන් විසින් වාර්ෂිකව ඉදිරිපත් කරන ඇසළ මහා තොරණ අකුරැස්ස, ඌරුමුත්ත, ඌරුමුත්ත වත්තෙහි පිහිටි රජ්ජුරුබණ්ඩාර දෙව් විමන අභියසදී මේ මස 1 වැනිදා සිට 8 වැනිදා දක්වා ප්‍රදර්ශනය කරන බව පාලටුවේ ජිනරතන හිමියෝ දන්වා සිටිති.එම රජ්ජුරුබණ්ඩාර දේව මාලිගය නොයෙක් හාස්කම්වලින් සමන්විත බවද ප්‍රකටය. එම තොරණ මඟින් අසදෘශ මහා සම්බුදු ගුණ නිරූපණය කෙරෙන අතර ප්‍රදේශයටත්, ජනතාවටත් සෙත්පතා එම තොරණ ප්‍රදර්ශනය කෙරේ. උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නාහිමි ගුණසමරු පින්කම ඇතුළු පින්කම් රැසක්ද එහිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.