Print this Article


තිස්සමහාරාම පුද බිමෙහි දී පින්කම් රැසක් ජුනි 30 සහ ජූලි 01 වනදා ධර්මදානයට “බුදුසරණ” බෙදා දෙයි

තිස්සමහාරාම පුද බිමෙහි දී පින්කම් රැසක් ජුනි 30 සහ ජූලි 01 වනදා ධර්මදානයට “බුදුසරණ” බෙදා දෙයි

බුදු පහස ලද තිස්සමහාරාම පුද බිමෙහි පින්කම් මාලාවක් ජුනි මස 30 වන දා සහ ජූලි මස 01 වනදා දක්වා තිස්සමහාරාම රාජමහා විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා සහ ආශිර්වාදය මධ්‍යයේ සිදුකෙරේ. ජුනි 30 වනදා සවස 6.00 ට කප්රුක් පූජාවක් සහ දීපාලෝක පූජාවක් පවත්වා රාත්‍රි 8.00 ට මේ පින්කමට සහභාගි වන සියලු සැදැහැවතුන් වෙනුවෙන් දන්සැලක් ද රාත්‍රි 9.00 සිට පසුදා පහන්වන තුරු සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක්ද සංවිධානය කර ඇත.

ජූලි 01 අධි ඇසළ පුරපසළොස්වක පොහෝ දින උදෑසන 5.00 ට තිස්සමහාරාම චෛත්‍යරාජයාණන් වහන්සේ අබියස කිරිපිඩු පූජාවක් පවත්වන අතර පෙරවරු 6.00 ට හීල් දානමය පින්කමද දවල් 80 නමක් විෂයෙහි පිරිකර සහිත මහා සාංඝික දානමය පින්කමක්ද සංවිධානය කර ඇත. එදින උදෑසන සිටම ආගමික වැඩසටහන් පැවැත්වෙන අතර පෙරවරු 9.30 ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ බම්බලපිටියේ සිරි වජිරාරාමාධිපති අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහානායක තිරිකුණාමලේ ආනන්ද මහානායක මාහිමිපාණන් වහන්සේ විසිනි.

එම අසිරිමත් පින්කම සාර්ථක කර ගැනීම සඳහා කොළඹ 05 ලුම්බිණී විද්‍යාලයීය ආදි ශිෂ්‍ය නායක සංගමයේ ප්‍රබල සංවිධායකත්වය ලැබී ඇත.

පූගොඩ ඕවිටිගම බෝධිමළු විහාරාධිකාරි ශාස්ත්‍රවේදී නිකවල වජිර ස්වාමින් වහන්සේගේ හා බම්බලපිටියේ සිරි වජිරරාම දහම් පාසලෙහි ප්‍රධානාචර්ය ශාස්ත්‍රවේදී කඹුරුගමුවේ මහානාග ස්වාමින් වහන්සේගේ අනුශාසනා හා උපදෙස් ඊට අස්වැසිල්ලක් වුයේය. මෙම පින්කම සාර්ථක කර ගැනීමට අතහිත දුන් සද්පුරුෂ සැම දෙනාට තුණුරුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරමි.

එම පින්කම සමඟ බුදුසරණ පුවත්පතෙහි පිටපත් දහසක්ද ධර්මදානය සඳහා නොමිලයේ සැදැහැවතුන් උදෙසා පිරිනැමීමටද කටයුතු යොදා ඇත.