Print this Article


උඩරට අමරපුර මහා නිකායේ උපසම්පදා විනය කර්මය

උඩරට අමරපුර මහා නිකායේ උපසම්පදා විනය කර්මය

2015 වසරේ උඩරට අමරපුර මහා නිකායේ උපසම්පදා විනය කර්මය 2015 ජූලි 18 වන සෙනසුරාදා ප.ව. 2.00 ට චිරාගත සම්ප්‍රදායානුකූලව විදුරුපොළ ශ්‍රී සුමංගලාරාමස්ථ උපෝසථාගාරයේදී සාහිත්‍යාචාර්ය විනය විශාරද අග්ගමහා පණ්ඩිත තෙරිපැහැ සෝමානන්ද මහානායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

උපසම්පදා අපේක්ෂකයින් උදෙසා ලිඛිත පරීක්ෂණය 2015 ජූලි 11 දින පෙ.ව.9.00 ට ගවරම්මාන ශ්‍රී පියතිස්ස පිරිවෙනේදීද ධර්ම විනය පුහුණු පාඨමාලාව 2015 ජූලි 11,12,13 යන දිනවල ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේදී ද පැවැත්වෙන අතර ඊට අදාළ විස්තර හා අයදුම්පත් “ලේඛකාධිකාරි ශ්‍රී සුමංගලාරාමය විදුරුපොළ කැප්පෙටිපොළ “ යන ලිපිනයට එවිය යුතු බව විනයවාදිනි කාරක සංඝ සභාවේ නියමය පරිදි බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍ර විශාරද නිකපොත චන්ද්‍රජෝති නාහිමියන් දන්වා සිටී.