Print this Article


ලුම්බිණි ආදි ශිෂ්‍ය නායකයන්ගේ සංගමයෙන් තිස්සමහාරාම රජමහා විහාරයේ දී දෙදිනක් පින්කම්

ලුම්බිණි ආදි ශිෂ්‍ය නායකයන්ගේ සංගමයෙන් තිස්සමහාරාම රජමහා විහාරයේ දී දෙදිනක් පින්කම්

කොළඹ 05 ලුම්බිණි විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සහභාගිත්වයෙන් සංවිධානය කරනු ලබන තිස්සමහාරාම රජ මහා විහාරය දීපාලෝකනය හා පිංකම් මාලාව දින 02 ක් පුරා පැවැත්වීමට නියමිතව ඇත.

එම පින්කම් මාලාවට තිස්සමහාරාම චෛත්‍ය රාජායාණන් වහස්සේ හුණු පිරියම් කොට දීපාලෝකනය කිරීම, කප්රුක් පූජාව, දීපාලෝකන පූජාව, මහා බත් දන්සල, මහා පිරිත් සජ්ඣායනය, කිරිපිඩු පූජාව, ඇසළ පුන් පොහෝ දින සීල සමාදානය හා ගරුතර මහා සංඝ රත්නය උදෙසා පිරිනැමෙන සංඝ ගත දක්ෂිණාව ඇතුළත් වේ.

එම උතුම් සද්කාර්යය කැළුම් සුජිත් මහතා ප්‍රමුඛ ලුම්බිණි විද්‍යාලයීය ආදි ශිෂ්‍ය නායකයන්ගේ සංගමයේ සහභාගීත්වයෙන් සිදුවන බව එම සංගමයේ සභාපති අරුණ කුමාරසිංහ මහතා සඳහන් කරයි.