Print this Article


ගල්කිස්ස බෞද්ධායතනයෙහි ගව අභය දාන මහා පින්කම

ගල්කිස්ස බෞද්ධායතනයෙහි ගව අභය දාන මහා පින්කම

ගල්කිස්ස වටරප්පල පාර බෞද්ධායතනයෙහි දී රුපියල් තිස් ලක්ෂයක් පමණ වැය කොට මරණයට කැප වූ ගැබ්ගත් දෙනුන් මිලයට ගෙන පරිත්‍යාග කිරීමේ මහා පින්කමක් සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්යය දිවියාගහ යසස්සී නා හිමියන්ගේ අනුශාසනා පරිදි 2015 ජූලි මස 01 ඇසළ පෝදා පෙරවරු 9.00ට ගල්කිස්ස, වටරප්පල පාර බෞද්ධායතනයේ දී පැවැත් වේ.බෞද්ධායතන දායක සභාව මගින් දසවනවරට සංවිධානය කරනු ලබන මෙම අභය දානමය පින්කමේ දී මුදාහරින එළදෙනුන් ගලෙන් බිඳුනු වැව,කරදක වැව, කළුඑබේ, බැඳිවැව, මොරගොඩ ප්‍රදේශවල ආර්ථික අපහසුතා ඇති ගොවිජනතාව අතර බෙදාදීමට කටයුතු යොදා ඇති බවත්, එයට අමතරව ඒ ප්‍රදේශවල ගොවියන් සඳහා වටිනා උදැල්ලක් සහිත රු. 3000ක් පමණ වටිනා ත්‍යාග පාර්සල් පිරිනැමීමට විශේෂ උත්සවයක් 2015 ජූලි මස 04 දින පෙරවරු 9.00 ට විහාරාධිපති උණගොල්ලෑවේ සීලානන්ද නාහිමියන් ගේ උපදෙස් පරිදි මොරගොඩ උණගොල්ලෑව වේළුවනාරාමයේ දී පැවැත්වෙන බවත් බෞද්ධායතන දායක සභාවේ ලේකම් පුෂ්පකුමාර කුලතුංග මහතා බුදුසරණට කීය.