Print this Article


මැදගොඩ ශ්‍රී සුමනතිස්ස නාහිමි ගුණසමරුවට පින්කම්

 මැදගොඩ ශ්‍රී සුමනතිස්ස නාහිමි ගුණසමරුවට පින්කම්

පැපිලියාන ඓතිහාසික සුනේත්‍රා මහා දේවි පිරිවෙන් රාජමහා විහාරාධිපතිව වැඩසිට අපවත්වී වදාළ ආචාර්ය මැදගොඩ ශ්‍රී සුමනතිස්ස නාහිමියන්ගේ දසවර්ෂ පූර්ණ ගුණසමරු පින්කම මෙම 19 – 20 දෙදින තුළ පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

වත්මන් විහාරාධිපති රාජකීය පණ්ඩිත මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ අනුශාසකත්වයෙන් එම ගුණ සමරු පින්කම පැවැත්වේ. 19 දා සවස 5.00 ට බුද්ධ පූජා පෙරහර 6.30 ට බුද්ධ පූජාව පැවැත්වීම (වතුරවිල මධුර ස්වාමීන්වහන්සේ) 20 වැනි දින උදේ 11.00 ට මහා සංඝරත්නය 200 නමක් විෂයයෙහි සාංඝීක දානයකි.

මීට සමගාමීව අසරණ පවුල් දෙකක් වෙනුවෙන් නව නිවාස දෙකක් ඉදිකිරීම ආරම්භ කිරීමද සිදු කිරීමට නියමිතව තිබිණි.