UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය වස් විසීම – 2015

 ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය වස් විසීම – 2015

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සියලුම සබ්‍රහ්මසරුන් වහන්සේලා වෙත කෙරෙන කාරුණික නිවේදනයයි. අප නිකායෙහි සියලුම සබ්‍රහ්මසරුන් වහන්සේලා ශ්‍රී බුද්ධ වර්ෂයෙන් 2559 ක් වූ ඇසළ මස පුර තුදුස්වක නම් තිථිය ලත් ගුරු දින හෙවත් ව්‍යවහාර වර්ෂයෙන් 2015 වැන්නෙහි ජූලි මස 30 වන බ්‍රහස්පතින්දා ගිම්හාන සෘතුවෙහි 10 වන පොහොය කොට ඊට පසු දින එනම් ඇසළ මස පුර පසළොස්වක නම් තිථීය ලත් කිවි දින හෙවත් ජූලි මස 31 සිකුරාදා පෙරවස් එළඹීම සිදු කළ යුතු ය. වප් මස පුර පසළොස්වක නම් තිථිය ලත් කුජ දින හෙවත් ඔක්තෝබර් මස 27 බදාදා වස්සාන සෘතුවෙහි 6 වන පොහොය කොට එදින පෙරවස් පවාරණය කළ යුතු ය. ශ්‍රී බුද්ධ වර්ෂයෙන් 2559 ක් වූ නිකිණි මස පුර පසළොස්වක නම් තිථිය ලත් ශනි දින හෙවත් ව්‍යවහාර වර්ෂයෙන් 2015 ක් වූ අගෝස්තු මස 29 සෙනසුරාදා වස්සාන සෘතුවෙහි 2 වන පොහොය කොට පසු දින එනම් අගෝස්තු 30 ඉරිදා පසුවස් එළඹීම සිදු කළ යුතු ය. ඉල් මස පුර පසළොස්වක නම් තිථිය ලත් බුධ දින හෙවත් නොවැම්බර් මස 25 බදාදා වස්සාන සෘතුවෙහි අටවන පොහොය කොට එදින පසුවස් පවාරණය කළ යුතු බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි මහා නා හිමියෝ දන්වා සිටිති.

 

 

   පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූනි මස 15 වැනිදා සඳුදා අපරභාග 08.41 ට ලබයි. 16 වැනිදා අඟහරුවාදා අපරභාග 07.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 16 වැනි දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජූනි 24 වැනිදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 16

First Quarterපුර අටවක

ජූනි 24

Full Moonපසෙලාස්වක

ජූලි 01

Second Quarterඅව අටවක

ජූලි 08


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]