| 
		 | 
		
		
 
 ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ජුනි 02 වනදා අඟහරුවාදා  | 
		
		|||
        
		
 
 ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාවට සමගාමීව ලංකා විදුලිබල මණ්ඩලයේ සම අනුග්‍රහය ලබාදීමද සුවිශේෂී පින්කමකි. මිහින්තලා ආලෝක භාරය ඇරැඹුණේද විහාරාධිපති නා හිමියන්ගේ නොමද වීර්යය නිසාය. 1989 දී ප්‍රදේශයේ දහම් පාසල් හා පාසල් දරු දැරියන් 125 දෙනකුගේ සහභාගිත්වයෙන් මිහින්තලා පුදබිමේදි ශීල සමාදාන වැඩසටහනක් ඇරැඹිණි. උවසු උවැසියන්ට අවශ්‍ය සිල්රෙදි ප්‍රදානය හා උදේ දහවල් දාන මාන සැපයීම මෙහිදී සිදු කෙරිණි. මෙහි ඇරැඹූ දෙවන අදියර වූයේ උතුරු මැද පළාතේ පාසල් හා දහම්පාසල් දූ දරුවන් සඳහා කථික තරග පැවැත්වීමය. තෙවනුව සමස්ත ලංකා රචනා, තරග සංවිධානය කිරීමත් ‘දිනමිණ හා බුදුසරණ” පුවත්පත්වල දායකත්වයෙන් සහතික පත්‍ර ප්‍රදානය කිරීමද සිදු විය. මේ සඳහා දිගු කාලීනව ජාතික ඉතිරි කිරීමේ බැංකුව මගින් තිළිණ පිරිනැමීමට ලබාදෙන නොමද සහාය පැසසිය යුතුය. මිහින්තලේ කම්මලක්කුලම විදුහලට විද්‍යාගාරයක් පරිත්‍යාග කිරීමත් එම ගම්මානය විදුලිපහන් ආලෝකයෙන් ඒකාලෝක කිරීමත් විශේෂිත වු පින්කම්ය. මිහින්තලා මහා විද්‍යාලයට දිනමිණ, බුදුසරණ අංග සම්පූර්ණ පුස්තකාල ගොඩනැගිල්ලක් පරිත්‍යාග කිරීමද මිහින්තලා කනිටු විදුහල ට දන්ත චිකිත්සාගාරයක් ලබා දීමද සිදු කෙරිණි.කුරුන්දන්කුලම විදුහලට කාර්මික වැඩපොළක්ද කටුපොත ගම්මානයේ පෙර පාසලක් අරඹා එහි පාලනයට අවශ්‍ය විධි විධාන යෙදවීමද සිදුකළ තවත් කාර්යන්ය. එමෙන්ම වසරක් පුරා සිදු කරන පොසොන් ධර්ම දේශනා මාලාව තවත් පින්කමකි. විහාරස්ථානයට අයත් වූ මිහිඳු පිළිරුවත් එහි මැඳුරත් ප්‍රතිසංස්කරණය කිරීමද සිදු විය. මිහින්තලා මහා විද්‍යාලයේ දරු දැරියන් ගේ තාක්ෂණ දැනුම දියුණුවට පරිගණක මධ්‍යස්ථානයක් ඉදිකරවා අවශ්‍ය පරිගණක පරිත්‍යාගයත්, විදුලි බල පහසුකම් ලබා දීමටත් මිහින්තලා ආලෝක භාරයට හැකිවිය. එහි විශේෂිත ඉල්ලීමකට අනුව පරිත්‍යාගශීලින්ගේ දායකත්වයෙන් මිහින්තලා විද්‍යාලය නවීක-රණයද සිදු කෙරිණි. ලංකා විදුලිබල මණ්ඩලය මගින් විදුලිබල පද්ධතිය නවීකරණයෙන් පසුව නව භූගත විදුලිබල පද්ධතියකින් පුද බිම ඒකාලෝක කරවීය. මෙසේ විටින් විට මිහින්තලා පුදබිමත් ඒ අවට සොඳුරු පරිසරයත් සුරැකෙනා ලෙසින් සිදු කළ විවිධ සංවර්ධන කටයුතු ද පැසසිය යුතුය. මිහින්තලා – ලේක්හවුස් ආලෝක පූජාව නිමිත්තෙන් ප්‍රදේශයේ සිදු කළ සහ දැනුදු පත්තර මහ ගෙදර මඟින් වසරින් වසර සිදු කෙරෙන පින්බර කර්තව්‍යය සුවිශේෂිය. මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවට මෙවර දායකත්වය ලබාදෙන රාජ්‍ය හා පෞද්ගලික ආයතයන්ගෙන් ලැබෙන පිටිවහල ඉමහත්ය. සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ කාවන් රත්නායක මහතා ප්‍රධාන ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ ලක්ෂ්මන් හේවාපන්න, ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සමන් වගආරච්චි , නීති හා පරිපාලන අධ්‍යක්ෂ සිරිමෙවන් ඩයස්, මූල්‍ය අධ්‍යක්ෂ එමරික් ප්‍රනාන්දු මහත්වරුන්ගේ සහායත් ආලෝක පූජාවට සම අනුග්‍රහය ලබාදෙන ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්. ඩී.ඒ. එස්. විජයපාල මහතා ඇතුළු එම අධ්‍යක්ෂ මණ්ඩලයේ සහායත් පැසසිය යුතුයි. එමෙන්ම අබාන්ස් ආයතනය, ස්වාධීන රූපවාහිනි සේවය, ඩයලොග් ආයතනය සහ ලංකා බැංකුවේ සහ මහා භාරකාර දෙපාර්තමේන්තුවේ සහායද අගනේය. මිහින්තලා – ලේක්හවුස් ආලෝක පූජාව දින පහක් පුරා මෙවර පැවැත්වීමත්, ආලෝක පූජාවට සමගාමීව 1965 වසරේදී ඇරැඹුණු ‘බුදුසරණ” සදහම් පුවත්පතට පනස්වසරක් සැපිරීමත් මෙවර සිදුවන සුවිශේෂී සංසිද්ධීන්ය. මිහින්තලාවෙන් පැතිරුණු සදහම් ආලෝකයේ අසිරියෙන් අප මව්බිම ඒකාලෝක වී තිබෙන තුරා මිහින්තලා - ලේක්හවුස් ආලෝක පූජාවටත් පනස් වසක් සපුරන බුදුසරණ සදහම් පුවත්පතටත් දීර්ඝායු වේවා! 
 
 
 
 
  | 
	||||
| 
         ©
		2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම   | 
	||||