Print this Article


හන්තාන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට භාවනා කුටියක්

හන්තාන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට භාවනා කුටියක්


නියංගොඩ විජිතසිරි අනු නා හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය

සඟසතුකොට පූජා කළ භාවනා කුටිය

මේරිනෝනා උපාසිකා මාතාවට පින් අනුමෝදන් කිරීම

මහනුවර හන්තාන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විශාල මුදලක වියදමින් ඉදිකළ භාවනා කුටියක් සඟ සතු කොට පූජා කිරීම පසුගියදා මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිත සිරි අනුනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

මධ්‍යම වයඹ දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පොල්ගොල්ල ශ්‍රී සාලවන බෝධි මහ විහාරය හා මහනුවර හන්තාන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන උභය මහා විහාරාධිපති යටිරාවන ශීලානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි පොල්ගොල්ල කලගොල්ලගොඩ මේරි නෝනා උපාසිකා මාතාවට පින් පිණිස ඇයගේ පවුලේ අය එම භාවනා කුටිය ඉදිකිරීමේ බරපැන දරා ඇත. මෙවැනි භාවනා කුටි 21 ක් හන්තාන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකරන බව යටිරාවන ශීලානන්ද හිමියෝ පැවසූහ. කොනකලගල සද්ධානන්ද පිරිවෙනේ පරිවේණාධිපති අකුරණ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාරි කොනකලගල උදිත හිමියන් ප්‍රමුඛ දෙස් විදෙස් මහා සංඝරත්නය ද මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්.එන්.බී. අඹන්වල, එකොළොස්වන සේනාංකාධිපති මේජර් ජනරාල් නන්දන සේනාධීර යන මහත්වරු එම අවස්ථාවට සහභාගි වූහ.