Print this Article


ස්වර්ණාලේපිත සමාධි බුද්ධ ප්‍රතිමා පූජා කිරීම

ස්වර්ණාලේපිත සමාධි බුද්ධ ප්‍රතිමා පූජා කිරීම

හෙයියන්තුඩුව, මාබිම තායි - ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති රාස්සගල සීවලී හිමියන්ගේ ශාසනික සේවයේ තවත් පුණ්‍ය කටයුත්තක් ලෙසින් ස්වර්ණාලේපිත ලාංකික බෞද්ධ කලා නිර්මාණ ක්‍රම අනුගමනය කරමින් නිර්මාණය කරන ලද අඩි 4 ක් උසින් යුත් සමාධි බුද්ධ ප්‍රතිමා පූජා කිරීමේ පින්කමක් සංවිධානය කර ඇත.

විශාල වටිනාකමකින් යුත් බුද්ධ ප්‍රතිමා 115 ක් මෙසේ උන්වහන්සේ පූජා කිරීමට බලාපොරොත්තුවන අතර මෙය නොමිලේ විහාරස්ථාන වෙත පිරිනැමීමට ද සැලසුම් කර තිබේ.

මෙම ප්‍රතිමාවන් අවශ්‍ය විහාරස්ථාන ඇතොත් විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විසින් ලිඛිතව ඉල්ලීමක් කරන ලෙස උන්වහන්සේ දන්වා සිටිති.