Print this Article


මිහින්තලා පුදබිමේ දී නෙලුම් මල් පූජාවක්

 මිහින්තලා පුදබිමේ දී නෙලුම් මල් පූජාවක්

මහින්දාගමනයට වසර 2322ක් සපිරීම නිමිත්තෙන් මේ මස 17 වැනිදා ඉරිදා මිහින්තලේ නෙලුම්මල් පූජාවක් හයවන වරටත් මිහින්තලා රාජමහා විහාරාධිපති වලවා හැංගුණුවැවේ ධම්මරතන නා හිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධානය කෙරේ.

සිසෙත් පදනම සංවිධානය කරන මෙම පින්කමට සුදු හා රතු නෙලුම් මල් ලක්ෂ 2ක් නෙලුම් මල හැඩයෙන් අම්බස්තල සෑ මළුවම සැරසීමට නියමිතය. ගෞතම බුදුරජුන්ගේ ඌර්ණ ධාතුන් වහන්සේ වැඩසිටිනා මිහින්තලා චෛත්‍යරාජයාණන් වහන්සේ සැරසීමට ඔබටද නෙලුම් මල් පූජා කළ හැක. මෙම පින්කම මෙහෙයවනු ලබන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය මුවඇටගම ඤාණානන්ද හිමියන් විසිනි. වැඩි විස්තර 071 4193275 හෝ 0776179492 දුරකථනයෙන් දැනගත හැකිය.