Print this Article


දන්සල්

දන්සල්

අනුරාධපුර බෞද්ධ මණ්ඩලය

සෑම වර්ෂයකම වෙසක් පුර පසළොස්වක පොහොය දින පවත්වනු ලබන අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ වෙසක් බත් දන්සැල මෙවරත් පැවැත් වේ. එදින (3) බෞද්ධ මණ්ඩල පරිශ්‍රය තුළ පෙහෙවස් සමාදන් වන උපාසක උපාසිකාවනට දවල් දානය පිරිනැමීමෙන් පසු වන්දනාවේ යන එන සැදැහැවතුන්ටද ආහාර වේලක් ලබාදීමේ දන්සැල් සේවාව එදින දවල් සිටම ආරම්භ කිරීමට බෞද්ධ මණ්ඩල සාමාජිකයෝ කටයුතු යොදා ඇත.

මාතර තරුණ බෞද්ධ සමිතිය

මාතර තරුණ බෞද්ධ සමිතිය සංවිධානය කරනු ලබන බත් දන්සල මැයි මස 4 වැනිදා රාත්‍රී 7.00 සිට විශේෂඥ වෛද්‍ය එස්.ජී. කුලරත්න ශාලාවේදී පැවැත්වේ.

ගල්කිස්ස නාලන්දාරාමය

ගල්කිස්ස දක්ෂිණාරාමය නාලන්දා ධර්මායතන පිරිවෙනේ දක්ෂිණාරාම දායක සභාව සංවිධානය කරනු ලබන වෙසක් දන්සල 04 වැනිදා සවස 6.30 සිට පැවැත්වේ.

ඉසිපතනාරාම මහා විහාරය

හැව්ලොක්ටවුන්හි ඉසිපතානාරාම මහා විහාරස්ථ ශ්‍රී සරණපාල දහම් පාසලේ සිසු සිසුවියන් විසින් පවත්වනු ලබන සිසිල් පැන් දන්සැල වෙසක් පොහෝ දින පෙරවරු 8.00 සිට සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන් වෙනුවෙන් ඉසිපතනාරාම මහා විහාරයේ දී සිදු කෙරේ. ප්‍රධානාචාර්ය විජිතවංස හිමියන්ගේ අනුශාසනා මත මෙම පින්කම සිදුකෙරේ.

පිළියන්දල සංකල්ප විහාරය

මැයි 05 වැනිදා විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සංකල්ප දායක සභාව, සංකල්ප දහම් පාසල, සංකල්ප යෞවන සමාජය, සංකල්ප ක්‍රීඩා සමාජය, සංකල්ප සහන සේවා පදනම, සංකල්ප සණස සමිතිය විසින් බත් දන්සලක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.