Print this Article


අසිරිමත් සවණක් සම්බුදු රැස් විහිදවූ පට්ඨාන මහා පූජෝත්සවය

ජය ශ්‍රී මහා බෝධි මූලයේදී සම්‍යක් සම්බෝධියට පත්ව සත්සතිය ගත කරන සමයේ අනන්තනය සමන්නාගත පට්ඨාන ධර්මය සම්මර්ශනය කිරීම නිසා සතරවන සතියේදී භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් සම්බුද්ධ රශ්මි මාලාවන් විහිදීමේ අසිරිමත් මොහොත සිහිගන්-වමින් ඊට උපහාර පූජාවක් ලෙස 54 වැනි වරටත් 2015 මැයි මස 29, 30 සහ 31 යන දිනයන්හිදී අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳු අභියස දී පට්ඨාන ධර්ම සජ්ඣායනා මහා පූජෝත්සවය පැවැත්වේ.

ඒ අයුරින් ශී‍්‍ර ශරීරයෙන් සම්බුද්ධ රශ්මි මාලාවන් විහිදීමේ අසිරිමත් මොහොත සිහිගන්වමින් ඊට උපාහාර පූජාවක් ලෙස අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිඳු අභියස දී 54 වැනි වරටත් පට්ඨාන ධර්ම සජ්ඣායනා මහා පූජෝත්සවය පැවැත්වේ. මැයි 29 වැනිදින ඉසුරුමුණිය පාරේ සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානයේ සිට සුදු වතින් සැරුසුණු සැදැහැවතුන්ගෙන් සමන්විත වූ දර්ශනීය පෙරහරකින් සධාතුක කරඬුව සහ පට්ඨාන රිදී පොත් වහන්සේ වැඩම කරවා ජය ශ්‍රී මහා බෝසමිඳු අභියස සතරවන සතිය සිහි ගන්වන රතනඝරයෙහි වූ ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරියෙහි වූ පූජාසනයෙහි තැන්පත් කිරීමෙන් අනතුරුව මෙම අසිරිමත් පූජොත්සවය ආරම්භ කෙරෙනු ඇත.

අනතුරුව සවස 6.00 සිට රාති‍්‍ර 10.00 දක්වා ජය ශ්‍රී මහා බෝ මළුවේ විශේෂයෙන් ඉදිකරන ලද ශාලාවක වැඩහිඳින 50 නමකට අධික මහා සංඝරත්නය විසින් මිහිරි ලෙස පට්ඨාන ධර්මය සජ්ඣායනා කරමින් සූවිසි ප්‍රත්‍ය ඤාණ පූජාවන් පවත්වමින් මේ උතුම් ධර්මය අවබෝධ කොට වදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්බුද්ධ පූජාවන් පැවැත්වීමට නියමිතය.

අපවත් වී වදාළ ආභිධම්මික වාගිශ්වර යාගොඩ ධර්මප්‍රභ නාහිමියන් විසින් 1961 දී ආරම්භ කළ මෙම උත්තරීතර පට්ඨාන ධර්ම සජ්ඣායනා මහා පූජෝත්සවය, කොරතොට වෙස්සභූ ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි කොළඹ, නාරාහේන්පිට පට්ඨාන ධර්ම සභාව විසින් වාර්ෂිකව සංවිධානය කෙරේ.

මැයි 30, 31 වැනි දිනයන්හිදී සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා ජය ශ්‍රී මහ බෝ මළුවේදී ශ්‍රී සර්වඥ ධාතු කරඬුව සහ පට්ඨාන රිදී පොත් වහන්සේ ජය ශ්‍රී මහ බෝ මළුවට වැඩමවීම , පට්ඨාන සූවිසි ප්‍රත්‍ය විස්තර දේශනා කිරීම, පට්ඨාන සුවිසි ඤාණ පූජාව, මහා සංඝරත්නය විසින් පට්ඨාන ධර්ම සජ්ඣායනා කිරීම,

මැයි 31 වැනිදින සවස 10.00 ට පට්ඨාන ධර්ම සජ්ඣායනා මහා පූජෝත්සවයේ නිමාව.