Print this Article


කාරුණික ඇරැයුමයි

කාරුණික ඇරැයුමයි

කොළඹ 02, ශ්‍රී ජිනරතන පාර, ගංගාරාම විහාරය ඉදිරිපත්ව සිදුකරනු ලබන වයස අවුරුදු 15 න් පහළ පැවිදිව සිටින භික්ෂු මහා සංඝ රත්නයට අධ්‍යාපන නඩත්තු ආධාර පිරිනැමීම සිදුකෙරේ. වයස අවුරුදු 15 පහළ භික්ෂූන් වැඩ සිටින විහාරස්ථානවලට විවෘත ආරාධනයක් මෙයින් සිදු කරයි. 2015 මැයි මස 03 වනදා සවස 3.00 ගංගාරාමය, අංක 61, ශ්‍රී ජිනරතන පාර, කොළඹ 02 ස්ථානයට වැඩිය යුතු අතර පොහෝ දිනය නිසා භාරකාරයෙකු සමග පිරිස එවිය හැකිය. වෙන වෙනම නම, ගම, ලිපිනය, වයස, ආචාර්ය ස්වාමින් වහන්සේගේ නම ලිපිනය ලියා රැගෙන ආ යුතු අතර භික්ෂූ නඩත්තුව භාරගත් දායක දායිකාවන්ද ඒ අවස්ථාවට පැමිණීමට ආරාධනා කරමු. මාසිකව මෙම භික්ෂු නඩත්තුවට ආධාර ලබාදිය හැකි බව පාලටුවේ ජිනරතන හිමි දන්වා සිටියි.