Print this Article


ශ්‍රී සම්බෝධි විහාරයේදී සර්වඥධාතු වන්දනා

ශ්‍රී සම්බෝධි විහාරයේදී සර්වඥධාතු වන්දනා

කොළඹ සම්බෝධි විහාරයේ සහ බෞද්ධයා මාධ්‍ය ජාලය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ශ්‍රී සම්බෝධි වෙසක් කලාපය මැයි 03 සිට 05 දක්වා සහ වෙසක් මහ පෙරහර මැයි 04 වැනිදා අටවැනි වරටත් දරණාගම කුසලධම්ම හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ. එමෙන්ම ඓතිහාසික ගන්ධාර දේශයේ සිට මියන්මාරයේ මණ්ඩලයේ ukhan di  විහාරශ්‍රමයට වැඩම කළ ශ්‍රී සර්වඥ අකුධාතුන් වහන්සේලා කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයට වැඩම කොට සැදැහැති ලාංකීය බොදුජනයා වෙත දැක වැඳ පුදා ගැනීමට උතුම් අවස්ථාවක් සැලසීමේ උදාර පුණ්‍යෙීත්සවයක්ද වෙසක් මස 01 දා සිට 5 වැනිදා දක්වා දිනපතා උදෑසන 6.00 සිට රාත්‍රි 8.00 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.සෑම දිනකම උදෑසන 05.30 කිරි ආහාර බුද්ධ පූජාවන්, දවල් 10.30 ට සුවදැල් හාල් සේරු තිස් දෙකක් හා දෙතිසක් ව්‍යංජන සහිත බුද්ධ පූජාවන්, සවස 5.00ට 108 ක් ඖෂධ වර්ග හා අෂ්ඨපාන ගිලන්පස බුද්ධ පූජාවන්, පිළි ගැන්වේ. එමෙන්ම දිනපතා තෙවරක් හේවිසි වාදන ශිල්පීන් 100 කගේ සහභාගිත්වයෙන් සිදු කෙරෙන තේවා ශබ්ද පූජාවන්ද, මහසඟරුවන විසින් පිරිත් සජ්ඣායනාවන්ද පවත්වා, අසූහාර දහසක් විදුලි බුබුළු ආලෝක පූජාවෙන්ද සැදැහැති බුහුමන් පිදෙන වගයි. වෙසක් සීල සමාදානය මැයි 03 උදෑසන 5.30 ට සිට සවස 6.30 දක්වාද ද, වාර්ෂිකව පැවැත්වෙන ශ්‍රී සම්බෝධි වෙසක් පෙරහර සහ මහා බත් දන්සල මැයි 04 දිනද වෙසක් පහන් කූඩු කලාපය මැයි 03 සිට 05 දක්වා දිනපතා සවස 06 සිට මැදියම් රැය දක්වාද පැවැත්වේ.