Print this Article


අමාදහර මෙවරත්

අමාදහර මෙවරත්

ලේක්වුස් ආයතනය වෙසක් උත්සවය නිමිත්තෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘අමාදහර’ සදහම් වෙසක් කලාපය මේ මස 03 සහ 04 නව මුහුණුවරකින් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ අනුව ඩිජිටල් පැනල් 12 ක ආධාරයෙන් ජාතක කතාවක් ඇසුරෙන් නිර්මාණය කරන ලද ‘ශ්‍රද්ධා සක්මන් තොරණ’ මෙවර අමාදහර වෙසක් සදහම් කලාපයේ සුවිශේෂ අංගයක් වන අතර සක්මන් කරන ආකාරයකින් කතාව ඉදිරිපත් කෙරේ. මෙයට අමතරව සුපුරුදු පරිදි ලේක්හවුස් සේවක සේවිකාවන් ඉදිරිපත් කරන භක්ති ගී ප්‍රසංගයෙන් ද අමාදහර වෙසක් සදහම් කලාපය විචිත්‍රවත් වන අතර, නැරඹීමට පැමිණෙන ජනතාවගේ පවස නිවීම පිණිස සංවිධානය කැරෙන කොත්තමල්ලි දන්සල ඇතුළු දන්සල් මෙවර ද පැවැත්වේ.