UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදු දහමයි ගිහි දිවියයි 09 බිරිඳකගේ සුචරිත බලය

බුදු දහමයි ගිහි දිවියයි 09

බිරිඳකගේ සුචරිත බලය

මජ්ක්‍ධිම නිකායේ, පංචවිධ ආවේණික දුක් පසක් ස්ත්‍රියට ඇති බව පෙන්වා දී ඇත. ඒවා නම් ගැහැනිය ලාබාල වියේදී ම ඇගේ ඤාතීන් අතහැර ගොස් ස්වාමි පුුරුෂයාගේ නිවසෙහි වාසය කරන බව

මාස්ශුද්ධියේ වේදනාවෙන් පෙළෙන බව ගැබ්බර උසුලාගෙන සිටින බව දරු ප්‍රසූතියේ දී ප්‍රසව වේදනාවෙන් පෙළෙන බව කැමැති අකැමැති හෝ වේවා පුරුෂයෙකුට සංග්‍රහ කළ යුතු බව

මෙහි මුල් කරුණු සතර ස්වාමිපුරුෂයෙක් තේරුම් ගත යුතු කරුණු වන අතර පස්වැන්න ස්ත්‍රියක් විසින් දැනගත යුතු කරුණක් විය යුතු බවය. මේවාද යහපත් පවුල් ජීවිතයකට අවශ්‍යම ඒවා බව සිතිය යුතුය.

ස්ත්‍රියක් සතුව තිබිය යුතු ලක්ෂණ කිහිපයක්.

ස්ත්‍රියකගේ මීළඟ ජීවිතය හෙවත් උපත සුගතියක ඉපදීමට නම්,කරුණු පහකින් සමන්විත යුතු බව සංයුක්ත නිකායේදී දක්වා ඇත.

1.ඇය භක්තිමත් තැනැත්තියක් වීම

2. ලජ්ජා ඇති තැනැත්තියක් වීම

3. වරද කිරීමේ බිය ඇත්තියක් වීම

4.ද්වේශයෙන් තොර තැනැත්තියක් වීම

5. ප්‍රඥාවෙන් යුත් තැනැත්තියක් වීම යන කරුණුය.

සංයුක්ත නිකායේ සඳහන් වන පරිදි බිරිඳක් තම ස්වාමියා පාලනය කරගෙන නිවසෙහි වාසය කිරීම සඳහා ඇය සතු බල පහක් තිබිය යුතු බවය. ඒ බල පහ මෙසේ සඳහන් වේ.

1.රූමත් බවේ බලය තිබිය යුතු වීම

2.ධනවත් බවේ බලයෙන් යුතු වීම

3.ඤාතීන්ගේ බලයෙන් යුක්ත වීම

4.දරුවන් සිටීමේ බලයෙන් යුක්ත වීම

5.යහගුණ බලයෙන් යුතු වීම යන කරුණුය.

බිරිඳගේ ඇති බලය අතර සුචරිතය ප්‍රධාන තැනක් ගන්නා බව සංයුක්ත නිකායේ සඳහන් වේ. ඒ අනුව

1.රූමත් බවේ බලය ඇතිමුත් සුචරිතයෙහි බලය නැතිනම්

2.රූමත් බවේ හෝ ධනවත් බවේ බලය ඇතිමුත් සුචරිතවත් බවේ බලය නැතිනම්

3.රූමත් බවේ ධනවත් බවේ, නෑයන්ගේ බලය ඇතිමුත් සුචරිතවත් බවේ බලය නැතිනම්

4. රූමත් බවේ, ධනවත් බවේ, නෑයන්ගේ බලය, පුතුන්ගේ බලය රහිත වූවත් සුචරිතයේ බලයෙන් යුක්ත නම්, එම පවුල් සංස්ථාව ස්ථාපිත එකක් පමණක් නොව ස්ත්‍රී රත්නයක් ලෙසද හඳුන්වා දී ඇත.

පෙර පින් ඇති මෙලොවදී ද පින් කරන ස්ත්‍රියකට ඊළඟ භවයේ දීද උපත ලැබීම සඳහා ප්‍රාර්ථනා පහක් කළ හැකිය. ඒවානම්

උචිත පවුලක උපත ලැබීමට

සුදුසු ස්වාමිපුරුෂයෙකු සමඟින් විවාහ වීමට

විරුද්ධවාදියෙකුගෙන් තොරව නිවසේ වාසය කිරීම

ගුණ නැණ දෙකෙන් යුතු පුතුන් ලැබීමට

ස්වාමි පුරුෂයා පාලනය කරගෙන ඔහු සමඟ ආදරයෙන් වාසය කිරීම යන කරුණුය.

කිසියම් ස්ත්‍රියක් පරිහානියට පත්වන අවස්ථා

ඕනෑම සමාජ පරිසරයක ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ම පරිහානියට පත්වන අවස්ථාව කොතෙකුත් අප දැක ඇත්තෙමු. සාධාරණ සමාජ පරිසරයක් නොමැති වීමත් ඔවුනොවුන් පිළිබඳ අනවබෝධයත් හේතු කොටගෙන බොහෝ විට පවුල් ජීවිත පරිහානිය කරා ලඟා වේ. තීහි ධම්ම සූත්‍රයට අනුව මරණින් මතු සැපයෙන් තොර දුගති භවයක උපත ලැබීමට හේතුවන කරුණු කිහිපයක් දක්වා ඇත.

1.පෙරවරු කාලය මසුරු බැවින් කාලය ගත කිරීම

2.මැදියම් කාලය ද්වේෂයෙන් යුතුව කාලය ගත කිරීම

3.සවස් කාලය කාම රාග සිතින් යුතුව වාසය කිරිම යනු කරුණුය.

අනුරුද්ධ සූත්‍රයට අනුව සැපයෙන් තොරව දුගතියක උපත ලැබීමට හේතු ලෙස

1.ශ්‍රද්ධාවෙන් තොර වීම

2.ලජ්ජාවෙන් තොර වීම

3.පවට ඇති බියෙන් තොර වීම

4.ද්වේශයෙන් යුක්ත වීම

5.නුවණින් තොර වීම යන කරුණුය.

ඉස්සික සූත්‍රයට අනුව

1.ශ්‍රද්ධාවෙන් තොර වීම

2. ලජ්ජාවෙන් තොර වීම

3.පවට ඇති බියෙන් තොරවීම

4.ද්වේශයෙන් යුක්ත වීම

5.නුවණින් තොර වීම

6.මසුරු බවින් යුක්ත වීම යන කරුණුය.


බුදු දහමයි ගිහි දිවියයි 08 යුග දිවියේ බොදු පදනම

 

 

 
  වෙසක් පුර අටවක පෝය

වෙසක් පුර අටවක පෝය අපේ‍්‍රල් 25 වැනිදා අපරභාග 04.38 ට ලබයි. 26 වැනිදා ඉරිදා අපරභාග 06.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේුල් මස 25 වැනිදා ඉරිදා ය.

 මීළඟ පෝය
මැයි මස 03 වැනිදා ඉරිදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

මැයි 03

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]