UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

 සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ සිව්වන මහානායක ධුරයෙන් පසුගියදා පිදුම් ලැබූ ශ්‍රී සද්ධර්ම වාගීශ්වර ත්‍රිපිටක විශාරද විනය කීර්ති ශ්‍රී රතනසාරාභිධාන උඩුමලගල ශ්‍රී මහින්ද මහා නාහිමියන් වෙත අක්ත පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය ඉකුත් දා (19) යක්කලමුල්ල ශ්‍රී සුමනාරාමයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී මහා නාහිමියන් වෙත අක්ත පත්‍ර ප්‍රදානය ජනාධිපතිතුමා විසින් සිදු කළ අතර විජිනිපත පිරිනැමීම දකුණු පළාත් ආණ්ඩුකාර හේම කුමාර නානායක්කාර මහතා විසින් සිදු කරන ලදී. ප්‍රථම පිරිකර පූජාව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විසින් සිදු කරනු ලැබීය. එම අවස්ථාවට අමාත්‍ය පියසේන ගමගේ, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා, නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි හා පළාත් ඇමැති යූ.ඩී. ජී. ආරියතිලක මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
 

සිංහල හා හින්දු අළුත් අවුරුදු සිරිත් අනුව හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය පසුගිය 15 වැනිදා පොළොන්නරුව කඳුරුවෙල ජයන්ති විහාරස්ථානයේදී පැවැත්විණි. එම අවස්ථාවට සහභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාවෙත කඳුරුවෙල ධම්මපාල හිමියන් හිසතෙල් ගල්වන අයුරු. එම අවස්ථාවට අමාත්‍යවරුන් වන එම්.කේ. ඩී.එච්. ගුණවර්ධන, වසන්ත සේනානායක, දුමින්ද දිසානායක, රාජිත සේනාරත්න මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.

එදිනෙදා වැටුපට වැඩ කරමින් වසර ගණනාවක් තුළ උපයාගත් ධනයෙන් චෛත්‍යයක් ඉදිකළ පින්වත් පුද්ගලයෙකු ගැන ගාල්ල දිස්ත්‍රික්කයේ වඳුරඹ ගමකින් අනාවරණය වේ. ඔහු නාත්තවල දංසැල්ගෙදර පදිංචි කේ.ඒ. අමරපාල 66 වියැති දරු තිදෙනෙකුගේ පියෙකි.උපතින් බෞද්ධයෙකු වූ ඔහු එම ඉදිකිරිම ආරම්භ කර ඇත්තේ දෙවරක්ම දඹදිව වන්දනාවේ යාමේදී එහිදී මනසට ඇතුලු වූ චෛත්‍යයක් ගොඩනැගීමේ සිතිවිල්ලක් පහළ වූ නිසා බව පැවසීය.චෛත්‍යයක් ගොඩනැගීමට ඔහු තෝරාගත් විහාරස්ථානය වදුරඹ තිරුවානකැටිය දළුග්ගල රංගිරි විහාරය යි. එහි විහාරාධිපති ඌරග සරණ හිමියන්ගේ අනුශාසකත්වයෙන් එම උතුම් පුණ්‍යක්‍රියාව සිදුකළ බව පැවසීය.අමරපාල මහතා වෘත්තීමය වශයෙන් තේ දළු කැඩීම සිදු කරන්නෙකි. ඔහුට ඉතා වේගයෙන් දළු කැඩිය හැකි අතර ඔහු දිනකට රුපියල් 1000 – 1200 ක පමණ වේතනයක් ලබන බව කීහ.අමරපාල මහතා දළු කැඩීම පමණක් නොව ඊට අමතරව වෙනත් වෘත්තීන් වලද යෙදෙන බවත් කියයි. ඒ සෑම වෘත්තියකින්ම ලබන මුදල් එකතුකර මෙම චෛත්‍යය ඉදිකිරීමේ උදාර පුණ්‍ය කර්මය සිදුකළ බව කීය.එම ඉදිකිරීමේ කටයුතු සඳහා ඔහුගෙන් රුපියල් ලක්ෂ 06 ක මුදලක් දැනට වැය වී ඇති අතර ඊට අමතරව පරිත්‍යාගශීලි පින්වතුන්ගෙන්ද ආධාර ඇතිව චෛත්‍යයේ වැඩ නිමකර ඇත. දැනට රුපියල් ලක්ෂ 08 ක් වැය වී තිබෙන බවත්, චෛත්‍යය වටේ මල් ආසන 04 ක් ඉදිකර වැඩ නිමවන බවද ඔහු කියයි. වැඩ අවසන්වන වන විට ඇස්තමේන්තුගත මුදල රුපියල් ලක්ෂ 12 කි. දඹදිවදී පහළ වූ සිතිවිල්ල ක්‍රියාවට නැඟීමට ඔහුගේ සියලු දරුවන් කැමැත්ත දී පූර්ණ සහයෝගය ලබාදුන් බව කීය. වදුරඹ සමූහ – වින්සර්මුණුගොඩ


කළුගල ඉද්දමල්ගොඩ ගුණාලංකාර හිමියන්ගේජන්ම දිනය දා

බදුරලිය, ගුරුළුබැද්ද කළුගල ආරණ්‍ය සේනාසනාධිකාරි කම්මඨනාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ඉද්දමල්ගොඩ ගුණාලංකාර හිමියන්ගේ ජන්ම දිනය පසුගිය මාර්තු 30 වැනිදාට යෙදී තිබුණි. එදින ලේ දන්දීමේ පින්කම්, අඩු ආදායම්ලාභි ගැබිණි මාතාවන් 100 දෙනෙක් සඳහා පෝෂණ මල්ලක් සහ භාණ්ඩ ලබාදීම, නෙළුව රෝහල මීගහතැන්න මාතෘ රෝහල සහ බදුරලිය ජාතික රෝහල වෙත අත්‍යවශ්‍යය භාණ්ඩ කිහිපයක් ලබාදීම හා තවත් විශේෂ පින්කම් රැසක් එදින සිදුකළ අයුරු.    අයිරා මෙන්ඩිස්

 
 

 
  වෙසක් පුර අටවක පෝය

වෙසක් පුර අටවක පෝය අපේ‍්‍රල් 25 වැනිදා අපරභාග 04.38 ට ලබයි. 26 වැනිදා ඉරිදා අපරභාග 06.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේුල් මස 25 වැනිදා ඉරිදා ය.

 මීළඟ පෝය
මැයි මස 03 වැනිදා ඉරිදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

මැයි 03

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]