UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජා භූමි සංකීර්ණය විවෘත කිරීමේ පූජෝත්සවය

පූජා භූමි සංකීර්ණය විවෘත කිරීමේ පූජෝත්සවය

බද්දේගම මහගොඩකන්ද ඉසිපතනාරාම මහා විහාරස්ථානයෙහි අභිනවයෙන් ඉදිකරන ලද බෝධි ප්‍ර‍්‍රාකාරය සහිත රන්වැට, අටවිසි බුදුකුටි, චෛත්‍යය, දේවාල සහිත පූජා භූමි ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ මහා පූජෝත්සවය මෙම අපේ‍්‍රල් මස 30 වැනිදා කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ ප්‍රධානත්යෙන් සිදු කෙරෙයි.ඉසිතපතානාරාමාධිකාරි ශාස්ත්‍රපති බලගොඩ සිරිනිවාස හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මෙම පූජෝත්සවය සඳහා මරදාන මාලිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙන් අධ්‍යක්ෂ, දර්ශනපති අකුරැටියේ නන්ද නාහිමි, බ්‍රිගේඩියර්, එන්.ආර්. ළමාහේවගේ මහතා ඇතුළු පැවිදි ගිහි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුවන මෙම මහෝත්සවය අපේුල් මස 30 වැනිදා සිට මැයි මස 08 වැනිදා දක්වා පැවැත්වේ.මැයි මස 01 වැනිදා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව, 02 වැනිදා අර්ධ ශතාධික මහා සංඝරත්නය විෂයෙහි හීල දානය පිරිනැමීම, 03 වැනිදා වෙසක් පොහෝ වැඩසටහන, 04 වැනිදා ළමා තරුණ සීල සමාදානය, 05 වැනිදා දේවාල පූජාව හා දේශ ශාන්තිය, 06 වැනිදා පුණ්‍යානුමෝදනා ධර්ම දේශනාව, 07 වැනිදා තෙසැත්තෑඥාණ පූජාව, 8 වැනිදා පූජා භූමි ආනිසංස ධර්මානුශාසනාව. මේ සෑම දිනකම සන්ධ්‍යා සම්බුද්ධ පූජා බෝධිපූජා පැවැත්වෙයි.

 

 
  වෙසක් පුර අටවක පෝය

වෙසක් පුර අටවක පෝය අපේ‍්‍රල් 25 වැනිදා අපරභාග 04.38 ට ලබයි. 26 වැනිදා ඉරිදා අපරභාග 06.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේුල් මස 25 වැනිදා ඉරිදා ය.

 මීළඟ පෝය
මැයි මස 03 වැනිදා ඉරිදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

මැයි 03

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]