Print this Article


ධර්ම දානය පිණිස වෙසක් පොහෝදා බුදුසරණ පත්‍ර බෙදා දීමක්

ධර්ම දානය පිණිස වෙසක් පොහෝදා බුදුසරණ පත්‍ර බෙදා දීමක්

සීනිගොඩ, මව්පිය පූජා උපහාර අටවිසි බුදු මැදුර වැඳ පුදා ගැනීම පිණිස වෙසක් සතිය තුළ පැමිණෙන සෑම දෙනාටම වෙසක් බුදුසරණ පත්‍රය බැගින් පූජා කිරීමට සහ කතරගම කිරිවෙහෙර දී සිල්වතුන් වෙත වෙසක් බුදුසරණ පත්‍රය බැගින් පූජා කිරීමට වතුගෙදර සීනිගොඩ අංක 10 ශ්‍රී ශාන්ති සුවසරණහි පදිංචි මව්පිය පූජා උපහාර අටවිසි බුදු මැදුරේ නිර්මාතෘ ජොතිෂ්‍යවේදී පියදිගමගේ චන්ද්‍රපාල ද සිල්වා මහතා කටයුතු සලසා ඇත. ඔහු මෙම පත්‍ර පූජාව සිදුකරනු ලබන්නේ 27 වැනි වරටය.මෙම පූජා පින්කමින් අත්වන සියලු පින් අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අසලදී මියගිය දයාබර මෑණියන් වන ඇස්.කේ. රැන්සිනෝනට සහ පියාණන් වන මියගිය පී.ජී. චර්ලිදස් ද සිල්වා සහ මියගිය විදුල්පති පී.ජී.ද සිල්වා ලොකු අය්යා ඇතුලු මියගිය සියලු දෙනාටම පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රර්ථනා කිරීමය.