Print this Article


හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි ගුණ සමරු උත්සවය 29 දා

හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි ගුණ සමරු උත්සවය 29 දා

කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන පිහිටුවා වදාළ බෝධි සත්ව ගුණෝපේත අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ 104 ගුණානුස්මරණ උත්සවය මෙම 29 වැනිදා සවස 3 ට ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාරපාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමියන්ගේ හා මාලිගාකන්දේ විද්‍යෝදය පරිවෙනාධිපති බළංගොඩ සෝභිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ පූර්ණ අනුග්‍රහයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ බී ශාලාවේදී පැවැත්වීමට විද්‍යෝදය ආදි ශිෂ්‍ය සංගමය කටයුතු යොදා ඇත.

19 වන සියවසේ බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීමට පුරෝගාමි වූ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියෝ සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධියටත් ධර්ම ශාස්ති‍්‍රය දියුණුවට මෙන්ම අප රටටද සිදුකළ උදාර සේවාව අගය කිරීම මෙන්ම වත්මන් සමාජයට සිහිපත් කරදීම එහි අරමුණු අතර වේ.