UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

අනුරාධපුර මහාවිහාරය

අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අවවාද අනුශාසනා පරිදි, බෝමළුව විහාරවාසී කණුබිච්චියේ රතනජෝති හිමියෝ පොහොය වැඩසටහන සම්බන්ධීකරණය කරති.

පෙරවරු 6.00 අටසිල් සමාදන් වීම, 6.30 උදෑසන බුද්ධ පූජාව, 8.00 ධර්ම දේශනාව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමි, 9.00 ධර්ම දේශනාවට අදාළ ගැටලු සාකච්ඡා කිරීම, 9.15 ගිහි දේශනය ශාස්ත්‍රපති රත්න ශ්‍රී බණ්ඩාර මහතා 10.15 දේශනය අදාල ප්‍රශ්න සාකච්ඡා කිරීම, 10.30 දහවල් බුද්ධ පූජාව, දහවල් 12.00 ජාතක කතා දේශනාව පණ්ඩිත ඉහළදිවුල්වැවේ විමලවංශ හිමි, 1.00 ධර්ම දේශනාව, දර්ශනපති කිරම විමලකිත්ති හිමි, පස්වරු 2.00 ධර්ම දේශනාවට අදාළ ගැටලු සාකච්ඡා කිරීම, 02.45 දම්සභා මණ්ඩපය, පණ්ඩිත වැල්ලගිරියේ සීලසුමන හිමි, ආචාර්ය කේ.එම්.අයි. ස්වර්ණසිංහ මැතිතුමා, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමා, ප.ව. 4.00 භාවනාව පණ්ඩිත ඉපලව පේමානන්ද හිමි, 5.00 බෝධි පූජාව කෙහෙල්වල රේවත හිමි, 05.55 සිල් පවාරණය.


කළුතර බෝධිය

පෙරවරු 6.15 – 7.15 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව වැලිකල පඤ්ඤාකර හිමි, 7.30 – 9.45 ධර්ම දේශනය මැල්සිරිපුර ධම්මකුසල හිමි, 10.00 – 11.30 ධර්ම සාකච්ඡාව වලගෙදර මහානාම හිමි, පස්වරු 1.00 – 2.00 ධර්ම දේශනය තිනියාවල සුමන හිමි, 2.45 – 4.30 ධර්ම දේශනය උඩුදුම්බර ලංකානන්ද හිමි, 5.00 – 6.00 ධර්ම දේශනය ගම්පහ මහානාම හිමි, 6.15 – 7.00 පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ බෝධිපූජාව (පටිගත කළ එකකි), 7.15 – 9.00 ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව, 9.15 සිට රූපවාහිනි බෞද්ධ වෙහෙර විහාරස්ථාන නැරඹීම.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය

- තරුණ සීල සමාදානය -

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව විනයාචාර්ය හිඟුරක්ගොඩ විභාවි මාහිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති තල්ගමුවේ සුධීරානන්ද හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ බලංගොඩ ධම්මරක්ඛිත හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ගිහි දේශනය – ආචාර්ය ගාමිණී රත්න ශ්‍රී මහතා, 3.00 – 4.00 ධර්ම දේශනාව පිටිගල ගුණරතන හිමි, 4.15 – 5.00 ධම්මපදය, ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්වෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්මදේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.

- වැඩිහිටි සීල සමාදාන වැඩසටහන -

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව, රන්වල ඥානාවාස හිමි, 8.00 – 9.00 භාවනාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි, 9.00 – 10.00 සූත්‍ර දේශනාව වැලිමඩ පසන්න මානස හිමි, 10.00 – 11.00 අභිධර්ම දේශනය, පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව ගාල්ලේ අනුරාධ හිමි, බලංගොඩ බෝධිධම්ම හිමි, පස්වරු 12.35 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ අනුරාධපුර විරාග හිමි, ඕපනායක ධම්ම විරාග හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව, ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව, ශාස්ත්‍රපති වටගෙදර විමලබුද්ධි නාහිමි, 3.00 – 3.45 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත වගවත්තේ විමලවංස හිමි, 4.00 – 5.00 ධර්ම දේශනය දොළොස්වල උදිතධීර හිමි, 5.00 – 6.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න, 6.00 – 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි.


බොරැල්ලේ ශ්‍රී ගෝතමී විහාරය

පෙරවරු 6.30 උපෝසථ ශීලයෙහි පිහිටුවීම සම්බුද්ධ පූජාව අනුශාසනාව තෙල්වත්තේ නන්දතිස්ස හිමි, 8.15 භාවනාව කම්මඨානාචාර්ය ආටිගල අමිතදේව හිමි, 10.00 ධර්මදේශනාව බොරැල්ලේ බෝසෙත විහාරාධිපති මරදන් කඩවල ධම්ම සෝභන හිමි, 11.00 සම්බුද්ධ පූජාව, පස්වරු 1.30 ධර්ම දේශනාව ශාස්ත්‍රපති මුරුතවෙල සීවලි හිමි, 3.00 ධර්ම දේශනාව, 4.30 ධර්ම දේශනාව සහ අටවිසි බුද්ධ පූජාව, රාජකීය පණ්ඩිත වෙරථිගොල්ලේ උදයයන්ද හිමි,


බම්බලපිටිය සිරිවජිරාරාමය

පෙරවරු 6.00 – 7.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව,රාජකීය පණ්ඩිත සිරිවජිරාරාමාධිපති තිරිකුණාමලේ ආනන්ද මහා නා හිමි, 8.00 – 9.00 ධම්ම පදයෙන් පිටිපන සාසන රතන හිමි, 9.00 – 10.00 ධර්මානුශාසනාව ගලගම ශාන්තජීව හිමි, 10.00 – 11.00 භාවනාව ගම්පහ පාසාදික හිමි, 11.00 – 11.15 බුද්ධ පූජාව කුරුණෑගල චරණධම්ම හිමි, පස්වරු 12.30 – 01.15 සෙත් පිරිත් සිරි වජිරාරාමාධිකාරි කඹුරුගමුවේ මහානාග හිමි, 01.15 – 02.30 ධර්ම සාකච්ඡාව මීගොඩ සුඛිත හිමි, 3.00 – 4.00 ධර්මානුශාසනාව පානදුරේ පසන්න හිමි, 4.00 – 5.00 ගිහි දේශක මනෝ වෛද්‍ය විශේෂඥ පුෂ්පකුමාර කඳපොල ආරච්චි මහතා, 5.00 – 6.00 ධර්මානුශාසනාව වේරදූවේ මහින්ද හිමි, 6.00 – 6.30 අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම සිරි වජිරාරාම ස්වාමීන් වහන්සේලා.


තෙලවල විජයරූපාරාමය

තෙලවල විජයරූපාරාම ධර්මායතනය අලුයම 5.30 ට කිරිපිඬු දානය සහිත පෙරහර, අලුයම 6.30 සිට 7.30 දක්වා උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් කරවීම, කෙටි අනුශාසනාව සහ මෛත්‍රී භාවනාව සිදු කිරීම ධර්මායතනාධිපති දම්පහළ ඤාණරතන නා හිමි, පෙරවරු 8.30 – 9.00 දක්වා කාව්‍යමය ධර්ම දේශනාව හඟුරන්කෙත ඤාණින්ද පොඩිහාමුදුරවන් වහන්සේ, 9.00 – 9.30 ධර්ම දේශනාව වඳුරඹ ඥාණාලෝක හිමි, 9.30 – 10.30 ධර්ම දේශනය ආසිරි රාජපක්ෂ මහත්මයා 10.30 – 11.00 මෛත්‍රී භාවනාව වඳුරඹ ඤාණාලෝක හිමි. 11.00 – 12.00 දහවල සම්බුද්ධ පූජාව දම්පහළ ඤාණසුධීර හිමි, 12.30 – 2.00 භාවනාව හා ධර්ම සාකච්ඡාව නිල්මල්ගොඩ සද්ධාවිහාරි හිමි, 2.00 – 3.00 ගිහි දේශනය පී‍්‍රති කුලතුංග මහතා, 3.00 – 4.00 ශාස්ත්‍රපති නිමල් අමරවංශ මහතා, 4.00 – 5.00 මහපිරිත් දේශනාව සහිත මහා සමය සූත්‍ර දේශනාව ධර්මායතනයේ ස්වාමීන් වහන්සේලා, 5.00 – 6.30 දක්වා සිල් පවාරණය සිදු කිරීම හා අෂ්ටපාන සහිත සම්මා සම්බුද්ධ අටවිසි ගිලන්පස බෝධි පූජාව ධර්මායතනාධිපති දම්පහළ ඤාණරතන නාහිමි, බුදුසරණ පත්‍රය බෙදාදීම චමිලා පි‍්‍රයදර්ශනි මෙනවිය -බුරුතගොල්ල, ඔක්කම්පිටිය.


තලවතුගොඩ ශ්‍රී ඥානාරාම ය

පෙරවරු 6.00 – 7.00 කිරපිඬු පූජාව සීල සමාදානය හා අනුශාසනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 8.00 – 8.30 භාවනාව, 8.30 – 9.30 ධර්ම දේශනාව රිදීමාලියද්දේ සරණතිස්ස හිමි, 9.30 – 10.30 ධර්ම දේශනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 10.30 – 11.30 දෙතිස්ව්‍යාංජන සහිත සම්බුද්ධ පූජාව, පස්වරු 12.15 – 1.00 ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනාව, 1.00 – 2.00 ධර්ම දේශනාව ගම්පහ පාසාදික හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව ගම්පහ මහානාම හිමි, 3.30 – 4.30 ධර්ම සාකච්ඡාව මහකෙළියේ අරියශීල හිමි සමඟ මකුලෑවේ සුදස්සන හිමි, 4.30 – 5.00 කරණීය මෙත්ත සූත්‍ර දේශනාව සහ සිල් පවාරණය මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි.


කල්‍යාණී රාජමහා විහාරය

පෙරවරු 6.00 – 6.30 සීල සමාදනය ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද, 8.00 – 9.00 භාවනාව ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 9.00 – 10.00 ධර්මදේශනාව දළුගම සමිතඥාන හිමි, 10.00 – 10.30 ධම්ම පදයෙන් බිඳක් දර්ශනපති ලුණුගම්වෙහෙරේ නාරද හිමි, 11.00 දිවා බුද්ධ පූජාව ගොඩපොල නන්ද හිමි, පස්වරු 2.00 – 3.00 විශේෂඥ වෛද්‍ය දේශනය, 3.00 – 4.00 ධර්මදේශනාව අපරැක්කේ සුධීර හිමි, 4.00 – 5.00 පිරිත් දේශනය මහ සඟරුවන සමඟ පෙහෙවස් සමාදන් වූ සියලු දෙනා, 5.00 – 6.00 භාවනාව කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6.00 – 7.00 ගිලන්පස බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 7.00 – 8.00 ධර්මදේශනාව ගැවිලිපිටියේ විජිතරංසි හිමි.


කතරගම කිරිවෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ බක්පෝදා පින්කම් රැසක් කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී කොබවක දම්මින්ද නාහිමියන්ගේ අනුශාසනාව පරිදි සිදු කෙරේ.

උදේ ධර්ම දේශනාව මහනුවර උපේක්ෂා වැඩිහිටි මධ්‍යස්ථානාධිපති ගොඩගම සුබානු දස්සි හිමියන් විසින් විහාරස්ථ ධර්ම ශාලාවේ පැවැත්වෙන අතර භාවනා වැඩසටහන කිරිවෙහෙර චෛත්‍ය මලුවේ පැවැත්වේ.

සවස කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මහාසේන සිල් සමිතියේ මල්පෙරහර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් මල් පහන් පූජා කර බෝධීන් වහන්සේ නෑවීමෙන් අනතුරුව බෝධි පූජාව පැවැත්වීමට අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී තලගල ඤාණින්ද හිමියන් විසින් සිදු කරයි. රාත්‍රී 7.00 ට කිරිවෙහෙර අටවිසි බෝමලුවේ දී අටවිසි බුදුවරුන් වෙනුවෙන් බෝධි පූජාවද කිරිවෙහෙර තුන්වන මලුව සමීපයේ පහන් 5000 ක ආලෝක පූජාවද පැවැත් වේ.

කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය හා විහාරස්ථ දායක සභාව එම පින්කම් කටයුතු සංවිධානය කර ඇත.

(ඊ.එච්. සෝමපාල කතරගම විශේෂ)


කුප්පියාවත්ත ජයශේඛරාරාමය

පෙරවරු 6.00 – 6.30 උපෝසථ ශිලය හා කෙටි අනුශාසනාව විහාරාධිපති ත්‍රිපිටකාචාර්ය, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 7.00 – 7.30 ට සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව තලල්ලේ සිරිමහින්ද නා හිමි, 8.00 – 9.00 භාවනාව කන්තලේ සුමිත්ත හිමි, 9.15 – 10.15 දක්වා ධර්ම දේශනය ගැට්ටුවානේ සුමේධ හිමි, 10.30 – 11.00 දහවල් සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 12.15 – 12.45 ට බුද්ධානුස්සති භාවනාව, විහාරස්ථ උපාසක උපාසිකා සමිතිය, 2.15 – 3.15 ධර්ම දේශනය තලල්ලේ ධම්මදේව හිමි, 3.30 – 4.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 4.30 – 5.30 ට ධර්ම දේශනය 6.00 ට සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද නාහිමි 6.45 – 7.45 ට ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව 8.00 – 9.00 දක්වා රාත්‍රී ධර්ම දේශනය (පටිගත කරන ලද දේශනයක්)


කොබවක ශ්‍රී සුමනාරාමය

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන පොඩි හාමුදුරුවන් වහන්සේගේ අනුශාසනා පරිදි මේ මස 03 වන දින පුර පසළොස්වක පෝය දා දවස පුරා කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරස්ථානයේ දී දාන, ශීල, භාවනා ධර්ම දේශනා පින්කම් මාලාවක් පැවැත්වේ. පෙරවරු 9.30 ට ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ බුලත්සිංහල, ගලහේන ශ්‍රී බෝධිරාජාරාමවාසී ශාසත්‍රවේදී රාජකීය පණ්ඩිත බුලත්සිංහල නන්දසාර හිමියන් විසිනි. සවස 1.00 ට විශේෂ භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ හොරණ, ඕවිටියගල ශ්‍රී සුමේධා ආරාමයේ වෑකඩ භද්‍රා මෙහෙණින් වහන්සේ විසිනි.


මහනුවර තරුණ බෞද්ධ සංගමය

පෙරවරු 6.45 – 7.30 අටසිල් සමාදන් කරවීම, බුද්ධ පූජාව හා කෙටි අනුශාසනාව ම හනුවර, අස්ගිරි මහා විහාරීය පිරිවෙනේ ස්වාමීන් වහන්සේ නමක්,8.15 – 9.15 ධර්මානුශාසනාව බෙල්ලන්විල සංඝරතන හිමි, 9.30 – 10.30 භාවනාව අත්තරගම කුශල හිමි, පස්වරු 12.30 – 1.30 ධර්මානුශාසනාව හා සාකච්ඡාව මහනුවර පි‍්‍රම්රෝස් වජිරාරාම විහාරවාසී ස්වාමීන් වහන්සේ නමක්, 1.30 – 2.30 ධර්මානුශාසනාව නේපාලයේ ස්වර්ණ හිමි, 3.00 – 4.00 ධර්මානුශාසනාව හා සිල් පවාරණය ආචාර්ය කොළඑළියේ සුදස්සී හිමි.


කැලණි තරුණ බෞද්ධ සමිතිය

පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7.00 බුද්ධ පූජාව, 8.15 ධර්ම දේශනය, 9.15 ධර්ම දේශනය 10.30 ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි, පස්වරු 1.15 ධර්ම දේශනය, 2.15 ධර්ම දේශනය, 4.00 ධර්ම දේශනය, 5.00 බෝධි පූජාව ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි, 6.00 සිල් පවාරණය.


අනුරාධපුර සදහම් සෙවණ

අනුරාධපුර සදහම් සෙවණ බක් පුන් පොහොය වැඩසටහන අනුරාධපුර වේලුවනගම අංක 38 හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් පැවැත්වේ. මෙම බක් පුන් පොහොය වැඩසසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා සහ බුද්ධ පූජා ද ඇතුළත් වේ.

අනුරාධපුර සදහම් සෙවණ පුන් පොහොය වැඩසටහන මඟින් අරඹන ලද අනුරාධපුර දිස්ත්‍රික්කයේ දහම් පාසල් පුස්තකාල සංවර්ධන වැඩ පිළිවෙළේ තෙවැනි අදියර බක් පුන් පොහෝ දින අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී ඇරැඹෙයි. මෙහිදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ දහම් පාසලක පුස්තකාලය සඳහා අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසින් පුස්තකාලයට පොත් පිරිනමනු ලැබේ. බක් පුන් පොහොය දිනයට පසු දින අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී භාවනා වැඩසටහනක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 තෙක් පුරා පැය දෙකක් මෙම භාවනා වැඩසටහන පැවැත්වේ. පොහොය වැඩසටහන සහ භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.


කෑගල්ල තරුණ බෞද්ධ සංගමය

කෑගල්ල වෑවලදෙණිය ශ්‍රී මහින්දෝදය පිරිවෙන් විහාරාධිපති, ශාස්ත්‍රපති හෙම්මාතගම සිද්ධාර්ථ නා හිමියන්ගේ අනුශාසනා පරිදි පොහෝ දින වැඩසටහන් පැවැත්වේ. සිල් වැඩසටහන මෙහෙයවීම ශාස්ත්‍රවේදී ධර්මවේදී ආයුර්වේද වෛද්‍ය සමරවර්ධන නිශ්ශංක මහතා සහ බී.එම්.එස්.බී. බස්නායක මහතා පෙරවරු 6.45 – 7.00 බුද්ධ වන්දනාව හා සැදැහැ ගාථා බී.එම්.එස්.බී. බස්නායක මහතා, 7.00 – 7.45 අටසිල් සමාදන් කරවීම, බුද්ධ පූජාව හා අනුශාසනාව, ශාස්ත්‍රපති පස්මඩලේ ධම්මරතන හිමි, 9.00 – 9.45 ධර්ම දේශනය ශාස්ත්‍රවේදී ඇම්.ආර්. මද්දුම බංඩාර මහතා, 9.45 – 10.45 ධර්මානුසාසනාව ශාස්ත්‍රවේදී එස්.එම්.කේ. සිරිවර්ධන මහතා, පස්වරු 12.30 – 1.00 ශිලා ආවර්ජනාව මෙහෙයවීම දේශක බී.එම්.එස්.බී. බස්නායක මහතා, 1.00 – 2.00 ධර්ම දේශනය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්.එල්.ඒ. පියසේන මහතා, 2.45 – 3.45 ධර්මානුශාසනාව ශාස්ත්‍රවේදී පන්නල ආනන්ද හිමි, 4.00 – 5.00 ධර්මානුශාසනාව මීගලෑවේ නන්දරතන හිමි.


කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරයේ පින්කම්

පෙරවරු 5.30 – 6.00 අලුයම 5.30 ට කිරි ආහාර බුද්ධ පූජාව ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නාහිමි, 6.00 – 7.30 බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නාහිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව ගම්පහ මහානාම හිමි, 9.30 -10.30 ධර්ම දේශනාව මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමි, 11.00 – 11.30 ව්‍යංජන තිස්දෙකක් සහිත බුද්ධ පූජාව අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු 12.30 – 2.00 “දම්සභා මණ්ඩපය” සාකච්ඡාව ආචාර්ය ඔලගන්වත්තේ චන්දසිරි හිමි, නීතිඥ ශෂික ජයතිලක මහතා, 2.00 – 3.00 ධර්ම දේශනාව ත්‍රිපිටක විශාරද කහගොල්ලේ සෝමවංශ හිමි, 3.30 -4.30 ධර්ම දේශනාව බොරලැස්ගමුවේ ප්‍රේමරතන හිමි, 4.30 – 5.30 ධර්ම දේශනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමි, 5.30 – 6.00 කෙටි අනුශාසනාව සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය බොරලන්දේ වජිරඤාන හිමි.


 හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාමය

හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානාධිපති වලවෙල හේමානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ බෞද්ධාරක්ෂක සභාව, වීතදෝෂි සමිතිය, කාන්තා සමිතිය, ශ්‍රී ධර්මාශෝක ධර්ම විද්‍යාලය මගින් සංවිධානය කරනු ලබන ශීල භාවනා වැඩසටහන පෝ දින පෙ.ව 6.00 සිට පසුදා පෙ.ව 6.00 දක්වා හුණුපිටිය විජය සුන්දරාරාමයේදී පැවැත්වේ.

එම වැඩසටහන් සඳහා අම්බලන්ගොඩ සුමනන්ද හිමි, දේවගොඩ පියරතන හිමි, බුත්කන්දේ රතනජෝති හිමි, වේවැල්දුවේ ධම්මකිත්ති හිමි, තිස්සමහාරාමයේ ධම්මසාර හිමි, හුණුවල පියදස්සි හිමි ඇතුළු ස්වාමින් වහන්සේලාගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

 

 
බක් පුරඅටවක පෝය

බක් පුරඅටවක පෝය මාර්තු මස 27 වැනිදා සිකුරාදා පූර්වභාග 0.54 ට ලබයි. 28 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 1.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු මස 27 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
අපේ‍්‍රල් මස 03 වැනිදා සිකුරාදාය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 03

Second Quarterඅව අටවක

අප්‍රේල් 12

Full Moonඅමාවක

අපේ‍්‍රල් 18


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]