Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

නව රජය බලයට පත්වීමෙන් පසු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුල්වරට දින තුනක යාපනයේ නිල සංචාරයක නිරත විය. එම සංචාරයේ දී සාමාන්‍ය ජනතාව, දේශපාලනඥයන් හමුවීම පමණක් නොව උතුරේ ජනතාවගේ ගැටලු රාශියක් විසඳීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් විය. එම ජනතාවගේ අධ්‍යාපනික, සෞඛ්‍යය ඇතුළු සියලුම ගැටලු පිළිබඳ සාකච්ඡා කර කඩිනම් විසඳුම් ලබාදීමට අවශ්‍ය මූලික පියවර ගැනීම ජනතාවගේ සතුටට හේතු විය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සියලු ආගමික ප්‍රධානීන් ඒ ඒ ආගමික ස්ථානවලට ගොස් හමුවීමද වැදගත් සිදුවීමක් වන අතර යාපනය නාග විහාරයේ දී අගමැතිතුමන් වෙත මහ සඟරුවන ආශිර්වාද කරන ලදී.


කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී සහන මිලට ආහාර සැපයීමේ වැඩසටහනක් ඉකුත් දා (25) ආරම්භ විය. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි විය. ගංගාරාමාධිපති ගල්බොඩ ඤාණිස්සර නාහිමියන් සහ ආහාර ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා හා අගමැති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහත්වරු ද සහභාගි වූහ. එදින දිවා ආහාර දන්සලක් ලෙස නොමිලයේ පැවැත්විණි. එම සද්ක්‍රියාවට සෙත් පැතීමක් ලෙස බේරේවැවේ දිනපතා දවල් 11 ට මහා සංඝ රත්නයට පිණ්ඩපාත දානය පිරිනැමීමේ වැඩසටහනක් ද ඇරැඹිණි. එහිදී ගල්බොඩ ඤාණිස්සර නාහිමියන් දිවාආහාර පිරිනැමූ අවස්ථාව සහ අගමැතිතුමා පිණ්ඩපාත දානය පිරිනැමීමේ පින්කමට සහභාගිවූ අවස්ථාව.