Print this Article


කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාම ගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව උපසම්පදා විනය කර්මය – 2015

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාම ගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව උපසම්පදා විනය කර්මය – 2015

ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාම ගී‍්‍ර ධර්ම සංඝ සභාවේ වාර්ෂික උපසම්පදා මහෝත්සවය 2015 ජූනි මස 17, 18, 19, 20 යන දිනයන්හි කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි සුමංගල උපෝසථාගාරයේ දී හා උපසම්පදාපේක්ෂක නේවාසික පුහුණුව 2015 ජූනි මස 06 සහ 07 දිනවල පානදුර වලාන ශ්‍රී සිද්ධත්තාරාම මහා විහාරයේ දී පැවැත්වේ.

මෙවර උපසම්පදාව සඳහා අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අප සංඝ සභාවට අයත් ස්වාමීන්ද්‍රයන් වහන්සේලා අදාළ ඉල්ලුම් පත් සම්පූර්ණකර 2015 මැයි මස 01 වන දිනට පෙර උපසම්පදා ලේඛකාධිකාරීන් වහන්සේ වෙත ලැබෙන්නට සැලැස්විය යුතු බව ශාසනාලයෙන් යුතුව දන්වා සිටිමු. නියමිත දිනට පසුව ලැබෙන ඉල්ලුම් පත් පාර්ශව භේදයකින් තොරව ගෙන අවසාන දිනයේ දී උපසම්පදාව සඳහා යොමු කරනු ලැබේ.

නියමිත ඉල්ලුම්පත් උපසම්පදා ලේඛකාධිකාරී ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ශ්‍රී මහා චේතියාරාමය, කිඳෙල්පිටිය, වැල්මිල්ල හන්දිය, බණ්ඩාරගම යන ලිපිනයෙන් හෝ ඒ ඒ පාර්ශවයන්හී ප්‍රධාන සංඝ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගෙන් ලබාගත හැකි බව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති මකුරුප්පේ සෝමාලංකාර හිමියෝ නිවේදනය කරති.