Print this Article


සීලරතන නා හිමියන්ගේ සහ චන්දානන්ද නා හිමියන්ගේ ගුණානුස්මරණ පින්කම

සීලරතන නා හිමියන්ගේ සහ චන්දානන්ද නා හිමියන්ගේ ගුණානුස්මරණ පින්කම

නිලන්නෝරුව පුරාණ විහාරය ඇතුළු විහාරස්ථානයන්හි ආධිපත්‍යය උසුලමින් වැඩ සිට අපවත් වී වදාළ මාතලේ උතුරු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය හෙබවූ ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය නාලන්දේ ශ්‍රී සීලරතන නාහිමියන්ගේ හා යථෝක්ත නායක පදවිය හෙබවූ පෙනලබොඩ චන්දානන්ද නා හිමියන්ගේ වාර්ෂික ගුණානුස්මරණ පුණ්‍යෝත්සවය මාර්තු මස 28වන දින රාත්‍රී එම්බාවල ශ්‍රී සීලරතනාරාම විහාරස්ථානයේ දී සිදු කෙරේ.

වැල්ගාලේ විමලකිත්ති හිමියන් විසින් පවත්වන බෝධි පූජා පින්කමකින් ආරම්භ කර පසු දින (29) එබ්බාවල ශ්‍රී සීලරතනාරාම විහාරස්ථානයේ දී පිරිනැමෙන සංඝගත දක්ෂිනාවකින් පින්කම නිම කිරීමට ශිෂ්‍ය පිරිස හා දායක දායිකා පිරිස කටයුතු යොදා තිබේ. එම පින්කම උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝ නායක විශ්‍රාමලත් විදුහල්පති බෙරගම චන්දරතන නා හිමියන්ගේ හා මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක විශ්‍රාමලත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙනදොර සෝරත නාහිමියන්ගේ අනුාසකත්වයෙන් සිදු කෙරේ.