Print this Article


කොළඹ දිසා දහම් පාසල් සිසුන් අගැයීමේ උළෙලක් 21 දා

කොළඹ දිසා දහම් පාසල් සිසුන් අගැයීමේ උළෙලක් 21 දා

කොළඹ දහම් පාසල් සිසුන් ඇගයීමේ උළෙලක් මෙම 21 වැනිදා සවස කොළඹ දිසා ලේකම් කාර්යාලයේ දී පැවැත් වේ.

බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන්, කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ සංවිධානයෙන් 2014 වර්ෂයේ දී පැවැත්වූ දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් වැඩසටහනේ දී දක්ෂතා පෙන්වූ දරු දැරියන්ට ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයක් මෙම 21 වැනි සෙනසුරාදා පස්වරු 2.30 ට නාරාහේන්පිට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එම උත්සව සභාවේ මුලසුන මාලිගාකන්ද විද්‍යෝදය පරිවේණාධිපති බලන්ගොඩ සෝභිත නා හිමියෝ උසුලති. සහභාගිවන ගිහි පැවිදි ප්‍රභූන් අතර කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති අත්තරගම ඤාණවිමල නාහිමි, ප්‍රධාන ලේඛකාධිකාරී පත්බේරියේ විමලඤාණ නාහිමි, ආචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර නාහිමි, ඇතුළු දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක මණ්ඩල සභාපති හා ලේඛකාධිකාරී නාහිමිවරුද, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන්ලාල් ග්‍රෙරෝ, කොළඹ දිස්ත්‍රික් ලේකම් එච්.ටී. කමල් පත්මසිරි, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍ර ප්‍රේම ගමගේ මහත්වරු ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු ද වෙති.

එම උත්සවයේ සියලු ත්‍යාග ඇතුළු උත්සව බර පැන මොහාන් ලාල් ග්‍රේරෝ පදනම විසින් දරන බව කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ගොම්බද්දල දමිත නාහිමියෝ බුදුසරණට පැවසූහ.