Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 


රත්නපුර රත්ගඟ බුද්ධගයා අනුරූ විහාර මන්දිරය විවෘත කෙරේ

රත්නපුර රත්ගඟ ශී‍්‍ර ගංගාරම අසූ මහා ශ්‍රාවක බුදුරජ මහා විහාරයේ අභිනවයෙන් ඉදිකළ බුද්ධගයා අනුරූ විහාර මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෙීත්සවය ඉකුත් මැදින් පෝදා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කැරිණි. එහිදී ජනාධිපතිතුමා විහාර මන්දිරය, බෝධින් වහන්සේ අබියස ආගමික වතාවත්වල නිරතවිය. අභිනව විහාර මන්දිරය විවෘත කරමින් එහි ප්‍රථම මල් පූජාවද සිදු කළේය. සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක විහාරාධිපති මංගල ධර්ම කීර්ති ශ්‍රී ගිලීමලේ චන්ද්‍රාලෝක නාහිමියන්ගේ අනුශාසනා පරිදි පින්කම සිදුකැරිණි. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක දවුල්දෙන ඤාණිස්සර මහා නාහිමි, කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නයද අමාත්‍යවරුන් වන කරූ ජයසූරිය විජයදාස රාජපක්ෂ මහත්වරු සහ තලතා අතුකෝරාළ යන මහත්ම මහත්මීන්ද ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා,ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණ විතාන මහතා ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

ඡායාරූපය මහින්ද විතානච්චි


ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමියන්
පිළිගැනීමේ හා උපහාර දැක්වීමේ පුණ්‍ය මහෝත්සවයෙන්


කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක පදවියෙන් පිදුම්ලද ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමියන් පිළිගැනීමේ හා උපහාර දැක්වීමේ උත්සවය පන්නිපිටිය රුක්මලේ ශ්‍රී ධර්මවිජයාලෝක විහාරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාරපාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නා හිමියන් සහ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනු නාහිමියෝද මෙහි වෙති.එහිදී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උත්සව සභාව ඇමතූ අයුරු,ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමි,කොළඹ අගරදගුරු ආචාර්ය මැල්කම් රංජිත් හිමිපාණෝ ඇතුළු මැතිඇමතිවරුද සහභාගි වුහ.

සේයාරු– රුවන් ද සිල්වා


පාරමිතා පෙරහරෙන්

බොරැල්ල අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික පාරමිතා පෙරහර එම විහාරාධිපති බොරැල්ලේ අතුල නාහිමියන්ගේ අනුශාසනා පරිදි ඉකුත් මැදින් පෝදා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සධාතුක කරඬුව හස්තියා මත තැන්පත් කරන ලදී.


 වාරියපොල ශ්‍රී සුමංගල නාහිමි ගුණ සමරු උත්සවයෙන්

වාරියපොල ශ්‍රී සුමංගල නා හිමි ගුණ සමරු උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් රාජමහා විහාරස්ථානයේදී (2) පසුගියදා පැවැත්විණි. එම අවස්ථාවට අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක ගලගම අත්ථදස්සි අනුනාහිමි, මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමි, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති වෙඩරුවේ උපාලි නාහිමි, විද්‍යාලංකාර පරිවෙනාධිපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමි, මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමි, කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නයද අමාත්‍යවරුන් වන කරු ජයසූරිය, අකිල විරාජ් කාරියවසම් වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.නාවින්න යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන්ද එක්ව සිටියහ.

ඡායාරූපය සුදත් සිල්වා