Print this Article


සංඝ නායක පදවියෙන් පිදුම් ලබන කණුමුල්දෙණියේ සුමංගල නාහිමි

සංඝ නායක පදවියෙන් පිදුම් ලබන කණුමුල්දෙණියේ සුමංගල නාහිමි

කොළඹ 05, (හැව්ලොක්ටවුන්හි, ස්කෙල්ටන් උද්‍යානයේ, ශ්‍රී සුගතදස්සිනාරාමාධිපති, කණුමුල්දෙණියේ සුමංගල නාහිමියන්ට අමරපුර අරියවංස සද්ධම්මයුත්තික මහා නිකායේ ගාලු පළාතේ උපප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ අක්තපත්‍ර හා සන්නස් පත්‍රය පිළිගැන්වීම මාර්තු මස 08 වෙනි දින සවස 3.00 ට කොළඹ 05, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී සිදු කිරීමට නියමිතය.

දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ග්‍රාමයේ දී 1953 මාර්තු මස 09 වෙනි දින උපත ලැබූ සුමංගල නාහිමියන් 1973 වර්ෂයේ දී පැවිදි දිවියට පත් වූයේ මැදගම්ගොඩ සුගතසිරි නාහිමියන්ගේ ආචාර්යත්වයෙනි. උගත මනා බණ දහම් සැපිරූ සුමංගල හිමියෝ 1978 වර්ෂයේ දී කළුතර උදකුක්ඛේප සීමා මාලකයේ දී උපසම්පදාව ලබා ගත්හ. කණුමුල්දෙණියේ සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සිදුකරන ජාතික, ආගමික හා ශාසනික සේවාවන් අගයමින් අමරපුර අරියවංස සද්ධම්මයුත්තික මහා නිකාය විසින් උන් වහන්සේට ‘සිරිසුගතසිරිවංසාලංකාර විනය කීර්ති ශ්‍රී යන ගෞරව නාමය සහිත ව එකී නිකායේ ගාලු පළාත් උපප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත.