Print this Article


වාරියපොළ ශ්‍රී සුමංගල අනුනාහිමි සමරු ජාතික මහෝත්සවය

වාරියපොළ ශ්‍රී සුමංගල අනුනාහිමි සමරු ජාතික මහෝත්සවය

බුද්ධ ශාසන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන් රාජ මහා විහාරස්ථානය සංවිධානය කළ වාරියපොළ ශ්‍රී සුමංගල අනුනාහිමි ගුණ සමරු ජාතික උත්සවය මාර්තු මස 02 වන දින පස්වරු 2.30 ට වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් රාජ මහා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

එම ජාතික මහෝත්සවය මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළු ගෞරවණීය මහා සංඝරත්නය වැඩම කිරීමට නියමිතව තිබිණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ බුද්ධ ශාසන අමාත්‍ය කරු ජයසූරිය මහතා වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක මහත්මිය ඇතුළු සම්භාවනීය පිරිසකගේ සහභාගිත්වයෙන් එය පැවැත්වීමට නියමිතව තිබිණි.