Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

ගංගොඩවිල සෝම හිමියන් විසින් දෙසූ බුදු බණ – “මෛත්‍රී ප්‍රතිපදාව“ බෞද්ධ ග්‍රන්ථය උන්වහන්සේගේ මෑණියන් වන චාලට් වීරතුංග මෑණියන්ට ප්‍රකාශක දයාවංශ ජයකොඩි මහතා පිළිගැන්වූ අයුරු මෙහි දැක්වේ. එම අවස්ථාවට සහභාගී වූ පද්මසිරි වීරතුංග මහතා සහ මහත්මිය, දමයන්ති ජයකොඩි මහත්මිය ද ඡායාරූපයේ වෙති.

කඩහපොල ශ්‍රී ශෛලබිම්බාරාම විහාරස්ථ සිරි මිහිඳු දහම් පාසලේ ශිෂ්‍ය නායක දරු දැරියන් වෙත 2015 නායකත්ව පදක්කම් පැළඳවීම, එම දහම් පාසල් ශාලාවේ දී උත්සවකාරයෙන් සිදු කෙරිණ. එහි විහාරාධිපති හා වයඹ දිසාවේ උප ප්‍රධාන සංඝනායක කඩහපොල පේමානන්ද නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේ දී ශිෂ්‍ය නායකයින් 11 දෙනෙකු වෙත හා ශිෂ්‍ය නායිකාවන් 9 දෙනෙකු වෙත නායකත්ව පදක්කම් පලඳවනු ලැබිණ. කුලියාපිටිය විශේෂ ඩබ්ලිව්. රණසිංහ