Print this Article


ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නා හිමියන් වෙත ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානය 28 වන දා

ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නා හිමියන් වෙත ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානය 28 වන දා

ශ්‍රී මහා විහාර වංශාලංකාර විමල කීර්ති ශ්‍රී ධම්මාලෝක ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානාහිමිපාණන් වහන්සේට ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උතුම් මහානායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය හා විජිනිපත ප්‍රදානය පෙබරවාරි මස 28 වන දින පස්වරු 3.00 ට ශ්‍රී ජයවර්ධනපුර ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේ දී පැවැත්වේ. මෙම උත්සවය අතිපූජනීය මහා සංඝරත්නය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා, බුද්ධ ශාසන අමාත්‍ය කරු ජයසූරිය මැතිතුමා ඇතුළු සම්භාවනීය පිරිසකගේ සහභාගීත්ව යෙන් පැවැත්වීමට නියමිතය.