UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නවම් අව අටවක 2015.02.12

සැහැල්ලු දිවි පැවැත්ම

ශාන්ති නායක තථාගත බුදුපියාණන් වහන්සේ විසින් ස්වකීය ශ්‍රාවක පිරිස වෙත චීවර, පිණ්ඩපාත, සේනාසන සහ ගිලානප්‍රත්‍යය යන සිව් පසය අනුදැන වදාළහ. බුද්ධ ශ්‍රාවක මහ සඟරුවන උදෙසා දායක පිරිස විසින් අදාළ ප්‍රත්‍ය පහසුකම් පිරිනැමීම දායක පිරිසෙහි වගකීම වේ.

“සබ්බේ සත්තා ආහරට්ඨිතිකා” යනුවෙන් සඳහන් වන පරිදි සියලු සත්ත්වයෝ ආහාරයෙන් ජීවිතය පවත්වා ගෙන යති. ඕනෑම ප්‍රාණියෙකු සඳහා වාතය, ජලය, මෙන්ම ආහාරයද ජීවිත පැවැත්මට අත්‍යාවශ්‍යය.

ආහාරය නිසා ජීවත්වීම නොව ජීවත්වීම සඳහා ආහාරය අවශ්‍යය. මනුෂ්‍යයා දහඩිය වගුරුවා දෑත දෙපයේ මහන්සියෙන් යමක් උපයා ගැනීම හෙවත් හරිහම්බ කර ගැනීම දැහැමි ධනෝපායනයකි. දැහැමින් ධනය උපයා සපයා ගනු ලබන තැනැත්තා නිරන්තරයෙන් මහත් සුවයක් විඳිනු ලැබේ. එනම් තමා උපයා ගත් ධනය දැහැමි යැයි ලබන සතුටය. මිල මුදල් කෙතෙක් පැවැතියද සතුට ධනයට, මුදලට ලබා ගත නොහැකිය. අදහමින් ලබන ධනයෙන් සතුට සැනසීම නැතිවී යයි.

ජීවිතයක් ජීවත්කරගෙන යාමට ධනය අවශ්‍යය. එසේ දැහැමිව උපයා ගනු ලබන ධනය සිව් කොටසකට වෙන්කර ගෙන ඒ අනුව කටයුතු කිරීමද සම්බුදු දහමේ දැක්වෙයි.ඇතැම් විට තමන්ට කෙතෙක් ධනය පැවැතියද ඉන් සෑහීමටද පත් නොවී තව තවත් අධාර්මික ධනෝපායන යෙහි යෙදීම බුදුදහම අනුමත නොකරයි.

සැහැල්ලු දිවි පැවැත්ම හැම විට ජීවිතයට සුවදායකය. අසල නිවසක අයෙක් තම වත්කම අනුව නවීන නිවසක් ඉදිකරන විට එය දකින අසල්වැසියා ද තමනුත් එවන් නිවසක් ඉදි කළ යුතු යැයි කල්පනා කරමින් තමන්ගේ වත් පොහොසත්කම්වලට අපහසු වුවද රටට, සමාජයට ණයවීමෙන් හෝ නව නිවසක් ඉදිකර ගැනීමට යාමෙන් තමා ණයකාරයකු වනවා පමණක් නොව අදාළ ණය මුදල ගෙවන තෙක් මහා පසුතැවීමකින් කටයුතු කිරීමටද සිදුවෙයි. ජීවත්වීමට නිවසක් අවශ්‍යමය. එහෙත් තමන්ට දරා ගත නොහැකි අයුරෙන් කටයුතු කරන්නට යාමෙන් අපහසුවට පත් වන්නේ තමාම බව කල්පනාවට නොගැනීම කනගාටුවට පසුතැවීමට හේතු වෙයි.

නිවස පමණක් නොව ගේ දොර උපකරණ පවා ඇතැම් විට තවත් නිවසක තිබෙනු දැක එවන් උපකරණ, ගෘහභාණ්ඩ අත්‍යාවශ්‍ය නොවුවද තම නිවසට එයින් ප්‍රයෝජනයක් නොමැතිවුවද දකින දේ අනුව ක්‍රියා කරන්නට යාමෙන්ද අපහසුවට පත් වන්නේද තමාමය. ගෘහභාණ්ඩ,ගේ දොර උපකරණ පමණක් නොව ඇඳුම් පැළඳුම් පිළිබඳව කල්පනා කර බැලුවද එසේමය.

තමන්ගේ අවශ්‍යතාවය හඳුනා ගැනීමෙන් අවශ්‍ය දේ පමණක් ලබා ගැනීමට කල්පනා කරන්නේ නම් ජීවන ගමන් මහ සැහැල්ලුවක් ඇති කරවයි. බහුභාණ්ඩිකව ගත කරන ජීවිතය සැහැල්ලුවෙන් තොරය. ජීවන ගමන සැහැල්ලු කරන බලාපොරොත්තු ඇතිකර ගැනීමෙන් පමණක් බාහිර කරදර බාධකවලින් තොර ජීවිතයක් ගත කිරීම පහසු වේ.

ඇතැම් විට සමාජයේ වෙසෙන බොහෝ දෙනා තමන්ට ප්‍රයෝජනයක් ඇතත්, නැතත් බාහිර ආටෝපයට සිත යොමු කිරීමෙන් තමා විවිධ ආර්ථික අපහසුතාවයනට පත්වනවා පමණක් නොව අනවශ්‍යදෑ සිතට ඒකරාශී කර ගැනීමට උත්සාහ කිරීම නිසා සිතට පවා සහනයක් උදා නොවේ. නිවසක අලංකාරය රඳා පවතිනුයේ නිවසක් තුළ ගොඩ ගසා ගන්නා, ප්‍රයෝජනයට නොගන්නා ගෘහ උපකරණ නිසා නම් නොවේ. බහු භාණ්ඩික නොවූ ගෘහස්ථයා සිය කුටුම්භය තුළ සරල, සැහැල්ලු ජීවිතයක් ගත කිරීම නිසාම එදිනෙදා ගෙදොර දොර වියදම අවම වෙයි. එවැන්නාගේ ආර්ථික තත්ත්වයද යහපත් වෙයි. යහපත් මානසික තත්වයක් ඇති කර ගැනීමටත්, යහපත් ආර්ථික තත්ත්වයක් උදාකර ගැනීමටත් යහපත් බලාපොරාත්තුම ප්‍රමාණවත් වෙයි. සැහැල්ලු පැවැත්ම ගතත්, සිතත් සංවරය වෙතම යොමු කරවනු ලැබේ.

ධනය දැහැමිව සොයා ගනිමින් සරල දිවිපෙවෙතට හුරු පුරුදු වන මනුෂ්‍යයා විනය ගරුකව ජීවිතය පවත්වා ගෙන යාමට හැම විට උනන්දු වේ.

 

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි 11 වැනිදා බදාදා අපරභාග 08.54 ට ලබයි. 12 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 09.33 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි 12 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
පෙබරවාරි 18 වැනිදා බදාදාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 12

Full Moonඅමාවක

පෙබරවාරි 18

First Quarterපුර අටවක

පෙබරවාරි 28

Full Moonපසෙලාස්වක

මාර්තු 05


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]