Print this Article


අසදෘශ පිණ්ඩපාත චාරිකාව

අසදෘශ පිණ්ඩපාත චාරිකාව

දාන පාරමිතා දහම් සෙවන මඟින් සංවිධානය කරන අසදෘශ පිණ්ඩපාත චාරිකා මහා දානමය පින්කම මේ මස 14,15 දෙදින තුළ පන්නිපිටිය ඇරැව්වල,සිරි විජයසිරිවර්ධනාරමයේදී අලුත්නුවර සුමනතිස්ස හිමියන්ගේ මූලිකත්වයෙන් පැවැත්වේ.

සේනපුර නන්දරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම පින්කම 14 වැනිදා සවස 3.00 සිට 6.30 දක්වා ධර්ම දේශනාවද , සවස 7 සිට 8 දක්වා ධාතු වන්දනාව ප්‍රදර්ශනය හා බෝධිපූජාව පැවැත්වේ. එදිනම සර්වරාත්‍රික පිරිත් දෙසුමකි. 15 වැනි ස්වාමින්වහන්සේලා විෂයෙහි හීල් දානයද , එදින දවල් අසදෘශ පිණ්ඩපාත චාරිකා මහා දානය කහගොල්ලේ සෝමවංශ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.