Print this Article


අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ මහ පිරිත් පින්කම

අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ මහ පිරිත් පින්කම

අනුරාධපුර බෞද්ධ මණ්ඩලය වර්ෂයක් පාසා පවත්වනු ලබන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය මෙවරද මේ මස පෙර පොහොය දින (පෙබ. 02) පැවැත්වීමට කටයුතු යොදා ඇත. පසුදින එනම් පුර පොහොය දින උදෑසන හීල් දානය සහ දවල් පනස් නමකට නො අඩු මහා සංඝරත්නය උදෙසා පැවැත්වෙන සපිරිකර දක්ෂිණාවකි. අපුරාධපුර බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිාචාර්ය පොතානේ ධම්මානන්ද මාහිමි මෙම පින්කමේ මූලිකත්වය දරයි. බෞද්ධ මණ්ඩලයේ සාමාජිකත්වය දරමින් සිට මියගිය සියලු දෙනාටත්, සියලුම රටවැසියන්ටත් නිදුක් නිරෝගි බව පැතීමත් මෙම පින්කමේ ප්‍රධාන අරමුණ වෙයි. මීට අමතරව එදින පුර පොහොය දා බෞද්ධ මණ්ඩලය පරිශ්‍රය තුළ පෙහෙවස් සමාදන් වන සියලු දෙනාට දානය පිරිනැමීම, බණ භාවනාමය වැඩසටහන් සුපුරුදු පරිදි සිදු කෙරේ.