Print this Article


කොළබිස්සේ ධම්මානන්ද හිමියන්ගේ “අපට ම දැකිය හැකි ඊළඟ භාවය” ග්‍රන්ථය දොරට වැඩීම

 කොළබිස්සේ ධම්මානන්ද හිමියන්ගේ “අපට ම දැකිය හැකි ඊළඟ භාවය” ග්‍රන්ථය දොරට වැඩීම

කොළබිස්සේ ධම්මානන්ද හිමියන් සමඟ පැවැත් වූ සාකච්ඡා ඇසුරෙන් මාධ්‍යවේදිනී අසුන්තා එදිරිසූරිය සම්පාදනය කළ, “අපට ම දැකිය හැකි ඊළඟ භවය” ග්‍රන්ථය මේ මස 25 වන ඉරිදා උදේ 10.00 ට විජේරාම (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) හන්දියේ සාහිත පොත් පියස නව පොත් ප්‍රදර්ශනාගාරයේ දී දොරට වඩී.

නාවින්න, විජේරාම සාහිත පොත් පියසෙහි නවතම ප්‍රකාශනයක් වන මෙහි නිරයේ වගතුග, අවීචි මහා නරකාදිය, පව්කළවුන් මරණින් පසු උපදින තිරිසන් ලෝකය, විස්මිත ප්‍රේත ලෝකය, අසුර නිකාය, කාම සුගති භූමි, දෙව්ලෝ සය, අධික කුසල් පිරුවන්ගේ වාසභූමි බඹතල 20, අපට ලැබෙන නියත දායාදය කර්මය, භවයෙන් භවයට ජීවිතය තීරණය කරන කර්ම ශක්තිය, අප පසුපස ලුහුබැඳ එන හොඳ නරක, සංසාරේ පින් පව් පල දෙන හැටි වැනි මාතෘකා යටතේ ලිපි රාශියක් අන්තර්ගතය.