Print this Article


කොක්මාදුව ශ්‍රී පූර්වාරාමයේ ගුණ සමරු පින්කම්

කොක්මාදුව ශ්‍රී පූර්වාරාමයේ ගුණ සමරු පින්කම්

වැලිගම, කොක්මාදුව ශ්‍රී පූර්වාරාමය, පලල්ල ශ්‍රී නිදංගලාරාමය, තෙල්ලඹුර ශ්‍රී බෙන්තරාරාමය, ලුණුගම්වෙහෙර ශ්‍රී අස්වත්ථාරාමය, ජඹුරේගොඩ ශ්‍රී බෝධිරුක්ඛාරාමය යන විහාරස්ථානවල විහාරාධිපතීන් වහන්සේ ලෙස වැඩ වෙසෙමින් ලෝ සසුන් දෙකට උදාර සේවාවක් සිදු කොට අපවත්වී වදාළ තෙල්ලඹුරේ ශ්‍රී සීලානන්ද මාහිමි, තෙල්ලඹුරේ ශ්‍රී අරියවංශ නාහිමි, කොක්මාදුව ශ්‍රී සරණපාල නාහිමි, ගලතරේ ශ්‍රී සෝමරතන නාහිමි, කොක්මාදුව අරියකිත්ති නා හිමි යන ස්වාමීන් වහන්සේලාගේ හා මිය ගිය දායක දායිකාවන්ගේ ගුණ සමරා වාර්ෂිකව සිදු කරන ගුණ සමරු පින්කම් මාලාව පෙබරවාරි මස 5 වැනි දා සිට 08 වැනි දා දක්වා කොක්මාදුව ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ. විහාරාධිපති කැටවල ඉන්දසාර නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ භික්ෂූන් වහන්සේලාගේ හා දායක දායිකාවන්ගේ ද, තරුණ පිරිසගේ ද, සහයෝගයෙන් දිනපතා සවස 6.00 ට බුද්ධ පූජා, බෝධි පූජා සහිත ධර්ම දේශනාවන් ද 8 වැනි දින දවල් සංඝගත දක්ෂිණාවක් ද, සිදු කිරීමට කටයුතු සංවිධානය කර ඇත.