Print this Article


බ්‍රාහ්මණගම රතනසිරි අනුනාහිමි සමරා පින්කම්

 බ්‍රාහ්මණගම රතනසිරි අනුනාහිමි සමරා පින්කම්

මහරගම ශ්‍රී විපශ්‍යාරාමාධිපති මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ කැලණි පාර්ශ්වයේ අනුනායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති බ්‍රාහ්මණගම රතනසිරි ස්වාමීන් වහන්සේ අපවත් වී මේ මස 25 වන දිනට තෙමසක් සපිරුණි.

1947 ජූනි මස 27 වන දින මෙලොව එළිය දුටු රත්නසිරි ඇල්විටිගල නම් වූ මෙම පින්වත් කුමරු දීපංගොඩ මහ විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබ එවකට මහරගම ශ්‍රී විපශ්‍යාරාමාධිපතිට වැඩ විසූ බ්‍රාහ්මණගම මංගල නා හිමියන්ගේ සෙවනට පැමිණ වයස අවුරුදු 8 දී බ්‍රාහ්මණගම රතනසිරි නමින් පැවිදි විය.

1968 වර්ෂයේ ජූනි මස 29 වන දින කෝට්ටේ රාජමහා විහාර මංගල උපෝෂථාගාරයේ දී උපසම්පදාව ලැබූහ.

2014 ඔක්තෝබර් 26 වන දින අපවත් වූ අනුනාහිමියන් වහන්සේගේ තෙමස් පූර්ණ පින්කම වෙනුවෙන් මහකුඹුක්වැවේ චන්දානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ දායක සභාව, විශාඛා කුළඟන සමිතිය, තරුණ සමිතිය, පෙරහර කමිටුව ඇතුළු සියලු සංවිධානවල මූලිකත්වයෙන් මේ මස 24 වැනි දින රාත්‍රී සුමධුර ධර්ම දේශනාමය පින්කමක් හා පසුදින දවල් මහා සංඟගත දක්ෂිණාවක් පැවැත්විණි. අපවත් වී වදාළ බ්‍රාහ්මණගම රතනසිරි අනුනාහිමියන්ට උතුම් අමා නිවන්සුව ලැබේවා.