Print this Article


පොදු විපත් වළකන සත්‍යක්‍රියාවක්

පොදු විපත් වළකන සත්‍යක්‍රියාවක්

ලෝකයට පැමිණෙන ස්වභාවික විපත් මෙන්ම මිනිසුන්ගේ අදූරදර්ශී ක්‍රියාවන් නිසා සමස්ත මිනිස් වර්ගයා වෙත පැමිණෙන දුක් විපත් වළක්වා ලෝකයත් ලක්දෙරණත් සුරක්ෂිත කරනු පිණිස හොරණ පෝරුවදණ්ඩ සත්ජන සමාජ සංවර්ධන පදනමේ අධ්‍යාත්මික අධ්‍යයන හා පර්යේෂණ අංශය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අධ්‍යාත්මික සත්‍යක්‍රියාව මෙවරත් දුරුතු පොහෝදින රාත්‍රි 8.47 ට සිදුකෙරේ.

දෙස් විදෙස් ලක්ෂ සංඛ්‍යාත ජනතාව එකම මොහොතක එකම අරමුණක් ඇතිව, අධ්‍යාත්මික ශක්තිය මෙහෙයවන මෙම සත්‍යක්‍රියාවට ඔබගේ පිරිසුදු චිත්ත ශක්තියත් මුසුකර, පොදු විපත් වළකා මනුෂ්‍යත්වය සුරැකීමට දායකවන මෙන් ජාති ආගම් භේදයකින් තොරව ගිහි පැවිදි සියලු දෙනාට ආරාධනා කරයි.

ඔබ සිටින කොතැනක හෝ සිට ඔබ විසින් කරන ලද යම් කුශලයක් / යහපත් ක්‍රියාවක් සිහි කරගන්න. නැතහොත් වරදක් වටහාගෙන ඉන් වැළකුණු අවස්ථාවක්/ යම් ගුණයක් සත්‍යවාදීව සිහි කරගන්න. එම කුශල බලයෙන්, එම සත්‍යයේ බලයෙන් “මිනිසුන් වෙත පැමිණෙන පොදු විපත් දුරු වේවා, ජීවිත සුරක්ෂිත වේවා, සම්බුදු සසුනට හා ලක්දෙරණට පැමිණෙන උවදුරු දුරු වේවා” යි මෙත් සිතින් නැවත නැවත අධිෂ්ඨාන කරමින් සත්‍යක්‍රියා කරන්නයි, සත්ජන සමාජ සංවර්ධන පදනමේ උත්තරීතර මණ්ඩලයේ ලේඛකාධිකාරි කුකුල්පනේ සුදස්සි හිමියන් දන්වා සිටියි.