Print this Article


කතරගම උපාලි ධර්මාශ්‍රම විහාරයේ දළදා ප්‍රාකාරය විවෘත කිරීම

කතරගම උපාලි ධර්මාශ්‍රම විහාරයේ දළදා ප්‍රාකාරය විවෘත කිරීම

මයිලගම, සෙල්ලපාර, කතරගම හි උපාලි ධර්මාශ්‍රම විහාරස්ථානයේ ධාතු මන්දිරය සහ වෙහෙර වහන්සේගේ දළදා ප්‍රාකාරය විවෘත කිරීම මේ මස 31 වැනිදා ශ්‍රී ලංකා අමරපුර මහ සංඝ සභාවේ සභාපති දොඩම්පහළ චන්ද්‍රසිරි මහා නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන්ද, දේවාලේගම ධම්මසේන නාහිමි, බෙංගමුවේ ධම්මදින්න නා හිමි, මැටරඹ හේමරතන නාහිමි, කොබවක ධම්මින්ද නා හිමියන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් සිදුවේ.

අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා සහ කථානායක චමල් රාජපක්ෂ මහතා ඇතුළු විශාල ගිහි පැවිදි පිරිසක් මේ අවස්ථාවට සහභාගි වන බව විහාරාධිපති මහෝපාධ්‍යාය අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනු නා හිමියෝ දන්වා සිටියි.