UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කඨින පින්කම්

කඨින පින්කම්

කතරගම ශ්‍රී අභිනවාරාමය

කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ කඨින පූජා පින්කම මේ මස 21 හා 22 දිනයන්හි පැවැත්වීමට විහාරාධිපති ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස නාහිමියන්ගේ අනුශාසනා පරිදි කටයුතු සංවිධානය කර ඇත. මේ මස 21 දින රාත්‍රී අෂ්ඨඵල බෝධීන් වහන්සේ අභියස බෝධි පූජාව හා විහාරස්ථානයේ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනා පැවැත්වේ. එදින රාත්‍රී කඨින චීවරය රැගත් පෙරහර ගම්මානවල ගමන්කර අලුයම විහාරස්ථානයට පැමිණේ.කඨිනානිසංස ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ රුහුණු විශ්වවිද්‍යාලයේ කථීකාචාර්ය දර්ශනපති කොග්ගල්ලේ විජිත හිමියන් විසිනි. ඊ.එච්. සෝමපාල – කතරගම විශේෂ


යටිනුවර – මුංවතුගොඩ විහාරය

යටිනුවර දන්තුරේ මුංවතුගොඩ පුරාණවිහාරස්ථානයේ කඨින චීවර පූජා පින්කම විහාරාධිපති වතුරකුඹූරේ සුදස්සි හිමියන්ගේ අනුශාසනා පරිදි මේ මස 21, 22 දිනයන්හි පැවැත්වේ. මෙයට සමගාමීව අටවිසි බුද්ධ පූජාව, 21 වෙනි දින රාත්‍රී 7 ට දෙල්දෙණිය රජමහවිහාරාධිකාරී කිතුල්හිමියාවේ ගුණානන්ද හිමියන් විසින් සිදුකරනු ලැබේ. 22 වෙනි දින කඨින පෙරහර ගමන් කෙරේ. මෙදින දවල් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා දානය පිළිගැන්වේ.


මීගොඩ භාවනා භික්ෂු මධ්‍යස්ථානය

මීගොඩ භාවනා භික්ෂු මධ්‍යස්ථානයේ කඨින මහා පින්කම මේ මස 25 – 26 දෙදින තුළ උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ. ඒ නිමිත්තෙන් 19 වැනිදා ධර්ම දේශකයන් වහන්සේලා විසින් රාත්‍රී 7 සිට දම් දෙසුම් පවත්වනු ලබන බව පිළැස්සේ විමලධජ හිමියෝ පවසති.


තිත්තපජ්ජල ගලේ විහාරය

තිත්තපජ්ජල පුරාණ ගලේ විහාරයේ කඨින පින්කම මේ මස 23, 24 දිනවල හුරීකඩුවේ සුමන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.


මිදලන පුරාණ ගංඟාරාමය

මිදලන පුරාණ ශ්‍රී ගංඟාරාම විහාරස්ථානයේ කඨින පූජා පින්කම ඔක්තෝබර් 29 – 30 දෙදින තුළ පැවැත්වේ. 29 දින ජී.පේමවතී හා සුනීතා මහත්මියගේ මූලිකත්වයෙන් කඨින පෙරහර ගමන් කර 30 වැනි දා උදේ කඨින චීවරය ශ්‍රී ගංඟාරාම විහාරය වෙත වැඩම කෙරේ. 30 වන දින දවල් දානය පූජා කිරීම විහාරාධිපති බෝගහවත්තේ සෝමිස්සර හිමියන්ගේ උපදේශකත්වයෙන් කොලැහැකඩ අකාඩ මුල්ල විහාරාධිපති රන්දොඹේ සුමනා ලෝක හිමියන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරේ.


මරදාන ශ්‍රී මහින්දාරාමය

කොළඹ 10 මරදාන ශ්‍රී මහින්දාරාමයේ කඨින පින්කම ඔක්තෝබර් 24 – 25 දිනයන්හි පැවැත්වීමට මරදාන ශ්‍රී මහින්දාරාමය, ගාල්ල දඩල්ල මහමුදලින්දාරාමය, ඉහළ පුලියන්කුලම ශ්‍රී මහින්දාරාමය, විහාරාධිපති මාපලානේ ධම්මාලෝක නා හිමියන්ගේ අනුශාසනා පරිදි කටයුතු යොදා ඇත. 24 වෙනි දින පසුදා පහන්වනතුරු සර්වරාත්‍රික මහ පිරිත් දේශනය 25 වෙනි දින අලුයම 4 ට කඨින වස්ත්‍රය රැගත් කඨින පෙරහර මරදාන පන්සල පාර, අංක 58 දරන නිවසින් පිටත්වී විහාරස්ථානයට පැමිණ කඨින වස්ත්‍රය සහිත කල්ප වෘක්ෂය මහා සංඝරත්නයට පූජා කිරීමෙන් අනතුරුව දාවල මහාසංඝරත්නය විෂයෙහි දානය පිරිනැමේ. මෙවර කඨින පින්කමේ ප්‍රධාන දායකත්වය දරනු ලබන්නේ මරදාන පන්සල පාර, අංක 58 නිවසේ පදිංචි නීතිඥ රේණුකා ගුණවර්ධන මහත්මිය ජගත් මෛත්‍රී මහත්මා දෙපල විසිනි. 25 වෙනි දින සවස 4 ට කඨිනානිසංස ධර්මදේශනය පවත්වනු ලබන්නේ මාලඹේ අරංගල ශෛලාරාමාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත ඇත්කඳුරේ සුමනසාර හිමියන් විසිනි.


පාලුගම යෝගාශ්‍රමය

පාලුගම යෝගාශ්‍රමයේ කඨින පින්කම ඔක්තෝබර් 21, 22 යන දෙදින තුළ දී නාථගනේ ආරණ්‍ය සේනාසනාධිපති හැවන්පැලැස්සේ චන්දවංශ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් 25 නමක් පමණ ආරණ්‍යවාසී යෝගාවචර මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පැවැත්වේ. 21 වැනි දා සවස 6.00 ට බෝධීන් වහන්සේ අභියස දී මල් පහන් පූජාව සහ විශේෂ බෝධි පූජාවක් පැවැත්වීම, 22 උදෑසන කඨින චීවර හා අභිනවයෙන් ඉදිකරන ලද දාන ශාලාව මහා සංඝරත්නය උදෙසා සඟ සතුකොට පූජා කිරීම, උදේ 6.30 ට බුද්ධ පූජාව සහ සංඝරත්නයට හීල්දානය පිළිගැන්වීම, පෙරවරු 9.30 ට පිණ්ඩපාත දානය පිළිගැන්වීම, අෂ්ඨ පරිස්කාර හා සෙසු පිරිකර මහා සංඝරත්නය උදෙසා සඟසතු කොට පූජා කිරීම, පෙරවරු 10.00 ට අනුමෝදනා ධර්මදේශනාව.


අස්ගිරිය ශ්‍රී විජයසුන්දරාරාමය

මහනුවර අස්ගිරිය ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරයේ කඨින පින්කම මේ මස 26, 27 දිනයන්හි අස්ගිරි මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ සභික මොලගොඩ ධම්මරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ. 22 දා සවස 4.30ට පිරිත් දේශනාවකි. 22 සිට 26 දක්වා විදුලි ආලෝක පූජාවකි. 26 සවස 3 ට චීවර ප්‍රදර්ශනය පෙරහර 27 අලුයම කඨින චීවර පෙරහරද, 27 දවල් මහ සංඝරත්නය උදෙසා සංඝගත දක්ෂිනාව සහ කඨින චීවර පූජාව. කේ. බණ්ඩාරනායක


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ කඨින පින්කම අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමියන්ගේ අනුශාසනා පරිදි මේ මස 25, 26 දෙදින තුළ සිදු කෙරේ. 25 වැනිදා රාතී‍්‍ර 8.30 ට සර්ව රාත්‍රික පිරිත් දෙසුමද, 26 දා අලුයම 5.30 ට කඨින පූජා වස්ත්‍රය රැගත් පෙරහර උපතිස්ස කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම බෝධීන් වහන්සේ අභියසින් පිටත් වේ. මෙදින සවස 5 ට කඨිනානිශංස දේශනාව වජිරඤාණ ධර්මායතනවාසි ශාස්ත්‍රපති පණ්ඩිත හක්මණ සුමනසිරි මාහිමියන් විසින් පැවැත්වේ.


සිරි සිදුහත් ආරණ්‍ය සේනාසනය

කඩුගන්නාව හේනාවල සිරි සිදුහත් ආරණ්‍ය සේනාසනයෙහි වාර්ෂිකව පවත්වන කඨින පින්කම මේ මස 23, 24 දෙදින තුළ පැවැත්වේ. 23 වැනිදා පස්වරු 6 ට සත්බුදුු වන්දනාව හා බෝධි පූජාවක්ද 24 දා පෙරවරු 10.30 ට බුද්ධ පූජාව හා කඨින චීවර පූජාවත් පැවැත්වීමට නියමිතය.


ගල්මඩුව රජමහ විහාරය

කුණ්ඩසාලේ ගල්මඩුව රජමහ විහාරයේ හා අස්ගිරිය මහා විහාරයේ වට්ටාරාම රජමහ විහාරාධිපති ගම්මඩුල්ලේ සුමංගල නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරයේ කඨින පින්කම ඔක්තෝම්බර් 31 හා නොවැම්බර් 01 දිනයන්හි පැවැත්වේ. 31 දා සවස පිරිත් දේශනාව හා පසුදින සංඝරත්නය උදෙසා කඨින චීවර සහිත සපිරිකර දානයකි.


හැව්ලොක්ටවුන් ඉසිපතනාරාමය

හැව්ලොක්ටවුන්හි ඉසිපතනාරාම මහා විහාරස්ථානයේ මෙවර කඨින මහා පින්කම උපාලි මදනායක මහතා ඇතුලු පවුලේ සැම දෙනාගේ ප්‍රධාන දායකත්වයෙන් හා ඉසිපතනාරාම ශාසනාරක්ෂක සමිතිය, ඉසිපතනාරාම කාන්තා සමිතිය, සරණපාල දහම් පාසල ආධාර උපකාර කරන පින්වතුන්ගේ සහයෝගයෙන් මේමස 17 වැනිදා සහ 18 වැනිදා දෙදින සිදු කැරිණි. ඒ නිමිත්තෙන් ඉකුත් 2 -16 දක්වා දම් දෙසුම් මාලාවක් ද පැවැත්විය.


කතරගම

කතරගම ශ්‍රී වල්ලි කාරදාරාම විහාරස්ථානයේ කඨින පූජා පින්කම ඔක්තෝබර් මස 26 හා 27 යන දිනයන්හි පැවැත්වීමට විහාරාධිපති ලත්පදුරේ විපුලභද්‍ර නාහිමියන්ගේ අනුශාසනා පරිදි කටයුතු සංවිධානය කර ඇත. ඔක්තෝබර් මස 26 දින සවස විහාරස්ථානයේ මල් පහන් ගිලන්පස පූජාවන්ද රාත්‍රී ධර්මදේශනාවක් පැවැත්වේ. එදින රාත්‍රී ගම්මානවල ගමන් කරන කඨින පූජා පෙරහර අලුයම විහාරස්ථානයට පැමිණේ.විහාරස්ථානයේ දී කඨිනානිශංස ධර්ම දේශනාව විහාරාධිපති ලත්පදුරේ විපුලභද්‍ර නාහිමියන් විසින් පවත්වනු ලැබේ.


වැලිපැන්න සාරානන්ද සේනාසනය

වැලිපැන්න ඇල්ලකන්ද සාරානන්ද ආරණ්‍යය සේනාසනයේ වාර්ෂික කඨින පින්කම මේ මස 25 වන දින පැවැත්වෙන අතර රාත්‍රී පිරිත් දේශනය හා පසුදින හීල් දානය සහ ධාතු මන්දිරය විවෘත කිරීම විහාරස්ථානයේ නිර්මාතෘ මොරහැල නන්දදේවකිත්ති හිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ.


අකුරළ විජයාරාම විහාරය

අකුරළ ශ්‍රී විජයාරාමයේදී මේ මස 25, 26 දිනයන්හි කඨින පින්කම සිදුකෙරේ. 25 දින කඨින පෙරහර වීථි සංචාරය කෙරේ. 26 දින සංඝරත්නය විෂයෙහි දන් පිළිගන්වා කඨින චීවරය සංඝරත්නයට පූජා කරන අතර අපවත් වී වදාළ විහාරාධිපති අකුරළ විමලතිස්ස නාහිමියන්ට පින් පැමිණිවීම ද සිදුකෙරේ.


පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාමය

පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම මහා විහාරයේ කඨික පින්කම සර්වරාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාව, ආදීකර්තෘවර ගලබඩවත්තේ ශ්‍රී ඤාණාලංකාර නාහිමි 34 වන ගුණ සමරුව මේ මස 25 හා 26 දිනයන්හි විහාරාධිපති මධ්‍යම පළාත් අධිකරණ සංඝනායක පණ්ඩිත වත්තේගම ධම්මාවාස නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ. 25 රාත්‍රි සර්වරාත්‍රික පරිත්‍රාන ධර්ම දේශානාවද 26 වැනිදා දවල් ශතාධිත මහා සංඝරත්නය විෂයෙහි පිරිනමනු ලබන කඨින චීවර සහිත සංඝගත දක්ෂිණාවකි. කේ. බණ්ඩාරනායක

 

  වප් අමාවක පෝය

වප් අමාවක පෝය ඔක්තෝබර් මස 23 වැනිදා පූර්වභාග 02.35 ට ලබයි. 24 වැනිදා සිකුරාදා පූර්වභාග 03.27 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 23 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ඔක්තෝබර් 31 වැනි දා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 31

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 06

Second Quarterඅව අටවක

නොවැම්බර් 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]