UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත්

බොදු පුවත්

තලම්මැහැර ශ්‍රී සුනන්දාරාමය

විහාරාධිපති ශාස්ත්‍රපති ගොලහැන්වත්තේ ධම්මරතන නා හිමියන්ගේ අනුශාසනා පරිදි තලම්මැහැර ප්‍රදේශවාසීන් විසින් 9 වැනි වරටත් සංවිධානය කරන “වාර්ෂික ලේ දන්දීමේ මහා පින්කම” ඔක්තෝබර් මස 26 වන ඉරුදින පෙරවරු 8.00 සිට පස්වරු 3.00 දක්වා පන්නල තලම්මැහැර ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත්වේ.


පන්නිපිටිය කන්දගලේ විහාරය

රටට, ජාතියට සෙත්පතා, පන්නිපිටිය, බ්‍රාහ්මනගම කන්දගලේ පුරාණ විහාරස්ථානයේ පැවැත්වෙන කඨින පූජාව මුල් කරගෙන දින 100 ක වරු 200 ක තුන්වරු පිරිත් පින්කමක් මේදිනවල පැවැත්වෙන බව විහාරාධිකාරී ශාස්ත්‍රපති බඹරැන්දේ වජිරනන්ද හිමියන් දන්වා ඇත. ඉකුත් ඇසළ පුන්පොහෝ දිනයෙන් ඇරඹි වස් ආරාධනයට සමගාමී එම දින 100 ය පිරිත් පින්කම ඇරඹිණ. අවසන් 200 වන පරිත්‍රාණ ධර්ම දේශනය මේ මස 24 වන දින සර්ව රාත්‍රික පිරිත් දේශනයෙන් අවසන් වේ. දින 100 තුළ හිමිදිරියේ සහ සන්ධ්‍යාවේ පිරිත් සජ්ඣායන සිදුකෙරිණ. 24 පැවැත්වෙන 200 වන සර්ව රාත්‍රික පිරිත් දේශනයෙන් අනතුරුව 25 දින පෙරවරු 4 ට කඨින පෙරහර ගම්වල සැරිසරා පෙරවරු 6.00 ට විහාරස්ථානය සපැමිණීමට නියමිතය. කඨිනානිශංස ධර්ම දේශනාව බඹරැන්දේ වජිරනන්ද හිමියන් විසින් පැවැත්වීමට නියමිතය.


ආනන්ද බෝධි විහාරය

මොරටුව, අඟුලාන උඩුමුල්ල, ශ්‍රී ආනන්දබෝධි මහා විහාරයෙහි අභිනවයෙන් ඉදිකරන ලද “අඟුලානේ ශ්‍රී ඤාණසේන අනුස්මරණ” ධර්ම ශාලා මන්දිරය විවෘත කිරීම හා වාර්ෂික කඨින මහා පූජෝත්සවය විහාරාධිපති මොරටුව, කටුබැද්ද, සිරි ගුණරතන පිරිවෙණෙහි නියෝජ්‍ය පරිවෙණාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත හේනෙගම අමරනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි කටයුතු යොදා තිබේ.

ප්‍රතිසංස්කරණය කරන ලද අටවිසි බුදු මැදුරෙහි තැන්පත් කෙරෙන ප්‍රතිමා වහන්සේලා මෙම මස 22 වැනිදා සවස 5 ට ද / රත්මලාන බෝධිරුක්ඛාරාමයෙහි සිට වැඩම කෙරෙන අතර සවස 7 ට ආශිර්වාද අටවිසි පූජාව පැවැත්වේ. 24 වැනි දින චාරිත්‍රානුකූලව පැවැත්වෙන මල් පෙරහරද 25 වන දින කඨින චීවර පූජා පෙරහර තලවතුගොඩ පදිංචි සුමිත් එපිටකඩුව මහත්මාගේ ප්‍රධාන දායකත්වයෙන් සිදුවේ. එදින පෙරවරු 9.00 ට අභිනව ධර්මශාලා මන්දිරය විවෘත කිරීම බෙල්ලන්විල රාජමහා විහාරාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති බෙල්ලන්විල ශ්‍රී විමලරතනාභිධාන අනු නාහිමියන් විසින් සිදු කෙරෙන අතර කොළඹ විශ්වවිද්‍යාලයෙහි සිංහල අධ්‍යයනාංශාධිපති මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමරණතුංග, තාක්ෂණ පර්යේෂණ හා පරමාණුක බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක, උපාලි කොඩිකාර, නීතිඥ උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න යන මැති ඇමැතිවරුද, මොරටු පුරපති දේශමාන්‍ය සමන්ලාල් ප්‍රනාන්දු මහතා සහ පළාත් සභා හා නාගරික මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගී වීමට නියමිතය. දවල් කඨින චීවර පූජාව කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පරිවෙනාධිපති ගාලු බස්නාහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත දර්ශනපති බලංගොඩ සෝභිතාභිධාන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන අතර රාත්‍රී 7 ට කඨිනානිසංස ධර්ම දේශනය රාජකීය පණ්ඩිත රණස්ගල්ලේ ඤාණවීර හිමියන් විසින් පැවැත්වීමට නියමිතය.


කළුතර ගංගාසිරි විහාරය

කළුතර, උක්වත්ත, ගංගාසිරි විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ඝටාකාර ස්ථූපයෙහි කොත් පැළඳවීම ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝසභාවේ වැඩ බලන මහානායක ආචාර්ය ඉත්තෑපාන ශ්‍රී ධම්මාලංකාර අනු නා හිමියන් විසින් මේ මස 25 දින මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතා ඇතුළු විශාල පිරිසකගේද සහභාගීත්වයෙන් සිදුකිරීමට නියමිත බව විහාරාධිපති ශාස්ත්‍රවේදී ගෝණදූවේ ධම්මාලෝක නා හිමියෝ පවසති.

 

  වප් අමාවක පෝය

වප් අමාවක පෝය ඔක්තෝබර් මස 23 වැනිදා පූර්වභාග 02.35 ට ලබයි. 24 වැනිදා සිකුරාදා පූර්වභාග 03.27 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 23 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ඔක්තෝබර් 31 වැනි දා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 31

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 06

Second Quarterඅව අටවක

නොවැම්බර් 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]