Print this Article


ශ්‍රී සුමන අභයදාන සංගමයේ ත්‍රිවිධ පුණ්‍ය මහෝත්සවය

ශ්‍රී සුමන අභයදාන සංගමයේ ත්‍රිවිධ පුණ්‍ය මහෝත්සවය

බෝපිටිය, ශ්‍රී සුදර්ශනාරාම පුරාණ රජමහා විහාරයේ දී ශ්‍රී සුමන අභයදාන සංගමයට දස වසරක් පිරීම නිමිත්තෙන් ත්‍රිවිධ පින්කම් මාලාවක් නොවැම්බර් මස 05 වැනි දා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එහි සභාපති මීගහවෙල සුමනශාන්ත හිමියෝ දන්වා සිටිති.

මහා නාහිමිවරුන්ගේ හා අග්‍රාමාත්‍ය හා බුද්ධ ශාසන අමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ සහභාගිත්වයෙන් එම පින්කම් මාලාව සිදුවේ. අභිනවයෙන් ඉදිවන පහළොස්රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේට මුල්ගල තැබීම, බෝධීන් වහන්සේගේ රන්වැට, අටවිසි බෝධි මළුව පූජා කිරීම හා ශ්‍රී සුමන සංස්කෘතික නිකේතනයේ සහ ශාන්ති පුස්තකාලය පූජා කිරීම ඇතුලු පින්කම් රැසක් එදිනට සංවිධානය කොට ඇත.