Print this Article


දමයන්ති ජයකොඩි ලියූ ”අසිරිමත් ශ්‍රී ගෞතම සම්බුද්ධ රාජ්‍යය” වප් පුන්පොහෝ දා දොරට වඩී

දමයන්ති ජයකොඩි ලියූ ”අසිරිමත් ශ්‍රී ගෞතම සම්බුද්ධ රාජ්‍යය” වප් පුන්පොහෝ දා දොරට වඩී

“අපේ බුදු හාමුදුරුවෝ” ග්‍රන්ථය ඇතුළු බෞද්ධ ග්‍රන්ථ රැසක් රචනා කළ දමයන්ති ජයකොඩි මහත්මිය ලියූ “ගෞතම බුද්ධ චරිතය 3 – අසිරිමත් ශ්‍රී ගෞතම සම්බුද්ධ රාජ්‍යය” අලුත්ම බෞද්ධ ග්‍රන්ථය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් වෙත පූජා කිරීමේ මහෝත්සවය ඔක්තෝබර් මස 08 වැනිදා බදාදා (පුන් පොහෝදා) උදේ 10.00 ට පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපුවේදී පැවැත්වේ.

දයාවංශ ජයකොඩි සහ සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලද “අසිරිමත් ශ්‍රී ගෞතම සම්බුද්ධ රාජ්‍යය” ග්‍රන්ථය බෝසතාණන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණයේ සිට අසිරිමත් බුද්ධත්වය දක්වා ලියා ඇත.