Print this Article


බෞද්ධාගමික වත් පිළිවෙත් නිසියාකාරයෙන් පැවැත්වීමෙන් හා උසස් ධර්ම ග්‍රන්ථයන් එළිදැක්වීම

බෞද්ධාගමික වත් පිළිවෙත් නිසියාකාරයෙන් පැවැත්වීමෙන් හා උසස් ධර්ම ග්‍රන්ථයන් එළිදැක්වීම

බෞද්ධාගමික වත් පිළිවෙත් නිසියාකාරයෙන් පැවැත්වීමෙන් හා උසස් ධර්ම ග්‍රන්ථයන් එළිදක්වමින් මෙන්ම සංඝයා වහන්සේලා වෙනුවෙන් විවිධාකාර ඇප උපස්ථාන කරමින් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ශ්‍රී ලංකාව අති විශිෂ්ට කැපවීමක් සිදු කරන බව ඉන්දියාවේ බැංගලෝර් මහාබෝධි විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ආනන්ද හිමියෝ පවසති.

මහා ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ සංඝ පීතෘවරයාණන් වහන්සේලා සමගින් එක්ව වර්තමානයේදී වෙහෙර විහාරස්ථානයන් ඉදිකරවා , දහම් පත පොත ද සංරක්ෂණය කරමින් රාජ්‍ය නායකයා වශයෙන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් සම්බුදු සසුන වෙනුවෙන් සුවිසල් දායකත්වයක් සපයමින් සිටින බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ. අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නා හිමිපාණන් වහන්සේගේ හා ශ්‍රී ලංකාවේ මහාභාරකාර සරත් සෙනෙවිරත්න මහතාගේ දායකත්වයෙන් හා ජනාධිපති ආගමික කටයුතු අංශයේ සම්බන්ධිකරණයෙන් බැංගලෝර් විහාරස්ථානයේ දහම් අධ්‍යාපනය හදාරන ඉන්දියානු හා විදේශීය රටවල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා වෙනුවෙන් සිවුරු හා අටපිරිරකර පූජා කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් ආනන්ද හිමියෝ මේ බව පැවසූහ. සියලු ජාතීන්ට අයත් ජනයා එකාවන්ව එකමුතුව තම තමන්ගේ ආගම් අදහමින් සාමකාමීව ජීවත්වන ශ්‍රී ලංකාවේ ගුණාත්මක ප්‍රබෝධයක් ද අද දක්නට ලැබෙන බවත් ආනන්ද හිමියන් මෙහිදී පැවසූහ.

මෙරටින් පිරිනැමූ මෙම සිවුරු සහ අටපිරිකර ජනාධිපති සම්බන්ධීකරණ නිලධාරි බුද්ධික සංජීව හා ශ්‍රී ලංකන් ගුවන්සේවයේ කළමණාකරු ජයන්ත අබේසිංහ යන මහත්වරුන් විසින් ඉන්දියාවේ බැංගලෝර් මහාබෝධි විහාරස්ථානයේදී පසුගියදා පූජා කෙරිණි.